*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

සෞදි රටේ ගොස් නයනාට අත් වූ අවාසනාවන්ත ඉරණම !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගොතටුව නව නගරයේ පදිංචිවී සිටි නයනා දිල්රුක්ෂි නම් 45 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව සෞදියේ ගෘහ සේවයට ගොස් රැකියාවේ නිරතව සිට ඇති අතර, පසුව ඇය සේවය කළ නිවසේ හිමිකරු සහ හිමිකාරිය එක්වී ශරීරයට පෙට්‍රල් දමා ගිනිතැබූ ඛේදණීය පුවතක් සවුදියෙන් වාර්තා වේ.

මීට මාස 07කට පමණ පෙර මෙම අවාසනාවන්ත සිදුවීමට තමන් මුහුණ දුන් බවත්, මාස ගණනක් සෞදියේ රෝහලක තමන් ප්‍රතිකාර ලබමින් සිටි බවත් ,පසුව එරට පොලීසියේ මැදිහත්වීමෙන් තමන්ව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බවද මෙම කණගාටුදායක පුවත පිළිබඳ ඇය කියා සිටියාය.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ මාස එකහමාරක පමණ කාලයක් එම රැඳවුම් මධ්‍යස්ථානයේ තමන් ජීවත් වන බැවින් ඉතා ඉක්මනින් තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඇය කාරුණිකව ඉල්ල සිටී.

කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක සහාය ඇතිව නයනා දිල්රුක්ෂි පසුගිය පෙබරවාරි මස 08 වනදා විදේශ රැකියක් සඳහා සෞදියේ රියාද් නගරයට පිටත්ව ගොස් ඇති අතර, තවත් කාන්තාවක් විසින් නයනා දිල්රුක්ෂිව එම විදේශ රැකියා නියෝජිත ආයතනයට යොමු කර ඇත.

සෞදියේ මහල් 3කින් සමන්විත නිවසක සේවය කර ඇති නයනා දිල්රුක්ෂි එම නිවසේ සියලුම වැඩ කටයුතු සිදුකර ඇති අතර එම නිවසේ සිටි කුඩා දරුවන්ව බලා ගැනීමට ඇයට පැවරී තිබී ඇත.

මෙලෙස සේවය කරමින් සිටියදී පසු ගිය මාර්තු මස 13 වනදා නිවසේ හිමිකාරිය සහ හිමිකරු විසින් ඔවුන්ගේ දරුවන්ට නිසි ලෙස ආහාර ලබානොදුන් බව පවසමින් ඇයට පහරදී අති අතර, පසුව එම කාන්තාව විසින් නයනා දිල්රුක්ෂිගේ ශරීරයට පෙට්‍රල් විසිකර ගිනිතබා ඇත.

ඇය එයින් බේරීමට උත්සාහ කළද එය ව්‍යර්ථව ඇත. පසුව නිවෙස්හිමියා ගින්න නිවා, ගිලන් රථයක් ගෙන්වා ඇයව රෝහලකට යොමු කළ බවත්, පසුව, එම නිවසේ හිමිකාර කාන්තාව පොලීසියට පවසා ඇත්තේ, නයනා දිල්රුක්ෂි විසින්ම ඇයගේ සිරුරට ගිනිතබා ගෙන ඇති බවය.

තමන් එවැන්නක් සිදුනොකළ බවත් විදෙස් රැකියාවකට යොමු වුයේ තමන්ගේ මව රැකගැනීමට සහ නිවසක් සදාගැනීමට තිබු අවශ්‍යතාවය මත බව ඇය ඉතාමත් කණගාටුවෙන් පවසයි.

මේ සම්බන්ධයෙන් නයනා දිල්රුක්ෂිව විදේශ රැකියා නියෝජිත ආයතනයට යොමු කළ අදාළ තැරැව්කාර කාන්තාවගෙන් සිද්ධිය පිළිබඳව විමසීමේදී ඇය පවසා ඇත්තේ තමන්ට පැවරි ඇත්තේ එම විදේශ රැකියා නියෝජිත ආයතනයක කාන්තාවන් යොමු කිරීම පමණක් බවත් ඒ සඳහා තමන්ට මුදලක් ලබාදෙන බවයි. ඉන් පසු අදාළ කාන්තාවන්ගේ වගකීම ඇත්තේ විදේශ රැකියා නියෝජිත ආයතනයට බවත් එම කාන්තාව පවසා ඇත.

තවද, නයනා දිල්රුක්ෂි පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයට දැනුම් දුන්නද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ එරට තානාපති කාර්යාලට දැනුම් දුන් නමුත් ඔවුන්ගෙන් ද සාධනීය පිළිතුරක් නොමැති බවත් ඇය ඉතාමත් අසරණ ත්ත්වයට පත්ව ඇති බවත් ය

නයනා දිල්රුක්ෂි වැඩිදුරටත් පැවසුවේ , අවසානයේ තමන් සේවය කළ මාස කීපයට අදාළ වැටුප් මුදල් පවා අදාළ නිවැසියන් විසින් නොගෙවූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan