ඊශ්‍රාලයේ තත්ත්වය දරුණු අතට ! ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස් අනුගමනය කරන්නැයි උපදෙස් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෙබනනය සහ සිරියාවට ආසන්නයේ ඇති නහරියා, අකෝ, හයිෆා, තිබෙරියා, නසරිත් ඇතුළු ගම්මාන ආසන්නයට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසිපරිදි අනුගමනය කළයුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙයි.

එබැවින්, ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ, අදාළ ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත් ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළඟ තබාගන්නා ලෙසත්ය.

කෙසේවෙතත් ඊශ්‍රායල් රජය විසින් ආරක්ෂක හමුදා එම ප්‍රදේශ වෙත යොමුකර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව තානාපති කාර්යාලය පැවසීය.

මේ අතර ගාසා තීරයේ උතුරු ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දකුණු ප්‍රදේශ වෙත ඉවත්වීම සඳහා ඊශ්‍රායල රජය විසින් පැය 24ක කාලයක් ලබාදී ඇති බවද දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...