වලලට දිගු දුර ඉතිහාසයක් නැත.නමුත් දිගු දුරත් මැදි දුරත් සම්බන්ධයෙන් ඒ නම බොහෝ තැන්වල ලියැවි ඇත.එහි උච්චම තැන මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තරුව බවට පත් වූ තරුෂි ය.ඇය විශිෂ්ඨත්වයෙන් විශිෂ්ඨත්වයට පත් වෙමින් තව දුරටත් ක්‍රිඩාවේ අනාගත විජයග්‍රහණ ගැන බලාපොරොත්තු පුබුදවමින් සිටින්නීය.
වලල ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය කියා පාන වළලු පහ හෙවත් ඔලිම්පික් ස්පර්ශය කර ඇත්තේ තවමත් එක අවස්ථාවකි.ඒ ගෞරවය වලලට දුන්නේ ගීතානි රාජසේකරය.ඇය කාන්තා මැරතන් ඉසව්ව වෙනුවෙන් ඔල්මිපික් තරගය නියෝජනය කළ පළමු වැන්නිය ලෙස ද ඉතිහාසයට එකතු වන්නීය.වලල දුවන්නන් තනන මැෂිම සුසන්ත ප්‍රනාන්දු විසින් ඔප දැමීමෙන් ඉනික්බිති,නැසි ගිය පැරි ලියනගේ යටතේ ද අවසාන වශයෙන් සජිත් ජයලාල් යටතේ ද මලල ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ගීතානි ද වලල මීටර් 800 ඉතිහාසයට අදාළ ස්වර්ණමය කතාවේ වලලින් බිහිව,රට වෙනුවෙන් ජාත්‍යන්තරය බිහි කළ ගොන්නේ සිටින්නියක් වන්නීය.
ඇය තරුෂි විසින් රටට ගෙනෙන ලද අභිමානය සමරනු වස් වලලින් තැණුන උත්සව සභාවේදී අපූරු දෙයක් කළේය.ඒ ලංකාවේ ඔලිම්පික් ගිය පළමු කත ලෙස සදාකල්හිම නම සුරැකෙන ඇයට එම මැරතන් තරගයේ ලැබුණ ස්වර්ණමය සිහිවටනය වූ පාවහන් යුගලය තරුෂි වෙත පුද කළාය.
ක්‍රීඩිකාවක් පරිසාධන මට්ටම සපුරා ඉසව්වකින් ඔලිමිපික් නියෝජනයට කෙතරම් වෙර වීරිය ගන්නේද යන්න අමුතුවෙන් පැවසිය යුතු නොවේ.එම සහභාගීත්වයේ දුෂ්කරකම කෙතරම් ද යන්න තව දුරටත් පැහැදිළි වන අවස්ථාවක් වන්නේ කුමන හෝ ඉසව්වකින් එසේ සුදුසුකම් ලබන පළමුවැන්නිය විමේ වටිනාකම හිමිවීමය.එවැනි වෘතාන්ත ගණනාවක් තමා වටා වෙලී ඇති ඓතිහාසික පාවහන් යුගලයක් අනෙකුගේ අනාගත අපේක්ෂාවක් වෙනුවෙන් වැය කිරීම ශ්‍රී ලංකාවේ අතිශයින් දුලබ වැඩකි.මේ සටහන ඒ දලබ මනුස්සකමට සහ ක්‍රීඩාශීලීත්වයටත්,උත්තරීතර කහට නොබැදුණු පරිත්‍යාගයටත්ය.
පහතින් ඇත්තේ ඒ පිදුම සමඟ රාජසේකර ඇඟේ අදහස්වලින් තැබූ රාජකීය මුද්‍රවේ අඩංගු වූ වචනය.
මගේ ජිව්තයේ මන් ආදරය කරපු මගේ හිනය මගේ ආසාව
මගේ ක්‍රීඩාව ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා.මගේ පාසල් කාලය තුල මම 800m කවමදාකවත් එකම තරගයක්වත් පරාද වෙලා නැ. හැම තරගයක් ම 1st එක ගන්න මට පුලුවන් වුනා . පාසල් කාලයෙන් පසු මගේ ක්‍රීඩාව තුල ගොඩක් උත්සාහ කලා 800m sri lanka record එක අලුත් කරන්න . හොද කාලයක් වාර්තා කරන්න . මට එ තැනට යන්න පුලුවන් උනේ නැ. එ වැරදුනේ කොතනද කියලා මම දන්නේ නැ. මගේ දක්ශතාවය මගේ කැපවීම කොතනකවත් මම වරදක් දකින්නේ නැ. මට පාසල් කාලයේ සිට මගේ ක්‍රීඩා ජිවිතයේ 400m /800m /1500m /5000m/ 10km / cross country /21km / marathon මේ හැම event එකකින්ම ජාත්‍යන්තර මට්ටමට යන්න පුලුවන් උනා. මගේ රට නියොජනය කරමින් ඕනිම ක්‍රිඩකයෙකුගේ ක්‍රිඩිකාවකගේ අවසානය ඉලක්කය ලෝක ශුරතාවලිය හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි ව්ම. මට සුදුසුකම් සපුරා පරිසාධන මට්ටම ඉක්මවා එ හිනයට යන්නත් ලාංකිය ඉතිහාසයේ මැරතන් එකකින් ඔලිම්පික් හා ලෝක ශුරතාවලියට සහාභාගි උන පළමු කාන්තාව වෙන්න පුලුවන් වුනා.
2016 බ්‍රසිල් වල රියෝ ඔලිම්පික් උළෙලට සහභාගි උන මට ලැබුන මේ ස්පයික්ස් දෙක මගේ සිහිවටනයක් . ආසාවක් . මම හිතනවා ඔයා තමා බබෝ මෙකට මෙකට නියම අයිතිකාරිය කියලා . මම දන්නේ නැ ඔයාගේ කකුල් දෙකට මේක හරි සයිස් එකද කියලා ඔයාව දිරිගැන්වීක් වශයෙන් මම මේක ඔයාට දේන්නේ. ඔයාට මෙක පාවිච්චි කරන්න බැරි උනත් මතකයක් සිහිවටනයක් ලෙස ඔයාව දිරිගැන්වීමකින් ශක්තිමත් කරන්න. මගේ පාසලෙන් මගේ රටට ඔයාගේ ආසාව බලාපොරොත්තුව වගේම රටේ බලාපොරොත්තු ඔලිම්පික් පදක්කමක් අරන් එ ඉතිහාසය වෙනස් කරන්න. ඔයාට එ ශක්තිය දහිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

සටහන – නිෂ්මං රණසිංහ
