ත්‍රස්තවාදයට එරෙහිව Elon Musk සටනක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): Elon Musk විසින් තම ”X” යෙදවුමෙහි ඇති ත්‍රස්තවාදී සංවිධාන හෝ ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම්හි ගිණුම් පිලිබඳ දැඩි තීරණයකට පැමිණ ඇත.

ඒ අනුවඔහු විසින්, සමාජ මාධ්‍ය වේදිකාවක් වන මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ ”X” යෙදවුමෙහි ත්‍රස්තවාදී සංවිධාන සඳහා ඉඩක් නොමැති බව සඳහන් කරමින් හමාස් සංවිධානයට අයත් ගිණුම් සිය ගණනක් ඉවත් කර ඇති බව වාර්තා වේ,

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරවලින් පසුව අදාළ පියවර ගෙන ඇති බවයි.

X මහජන සංවාදයන් වෙනුවෙන් කැපවී සිටින අතර, මෙවැනි තීරණාත්මක අවස්ථාවන්හිදී වේදිකාව හරහා ප්‍රචාරය කරන නීති විරෝධී අන්තර්ගතයන් සඳහා අවධානය යොමු වීම සිදුවිය යුත්තක් නොවන බවත් , ත්‍රස්තවාදී සංවිධාන හෝ ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම් සඳහා X හි ඉඩක් නොමැති බවත්, ක්‍රියාශීලී කණ්ඩායම් ඇතුළුව එවැනි ගිණුම් ඉවත් කරන බවත්, සමාජ මාධ්‍ය කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පවසා ඇත.

යුරෝපීය සංගමයේ කර්මාන්ත ප්‍රධානී Thierry Breton විසින් Elon Musk වෙත නිකුත් කරන ලද නිවේදනයකට අනුව X සමාගම මේ සඳහා ක්‍රියාත්මක වී ඇති අතර, ත්‍රස්තවාදය පතුරන හමාස් කණ්ඩායමට අයත් ගිණුම්වලට පැය 24ක් අවසන් දැනුම්දීම සිදු කර ඇති අතර, නීති රෙගුලාසිවලට යටත් නොවන සියලු ගිණුම් ඉවත් කිරීමට X සමාගම විසින් පියවර ගෙන ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...