අයහපත් කාලගුණයෙන් දැඩි පීඩා!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

මේ වනවිට අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් එක්ලක්ෂ තිස් හතර දහසකට ( 134000) වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින අතර, පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ තිස්හතර දහස් හාරසිය අසූහතර දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, දිස්ත්‍රික්ක 11කට මෙම බලපෑම එල්ලවී ඇති අතර ආරක්ෂිත ස්ථාන 81ක පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු රදවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69කට අයහපත් කාලගුණයේ බලපෑම එල්ලවී ඇති අතර විපතට පත්වූවන් මුදා ගැනීමේ හා සහන සැලසීමේ මෙහෙයුම් සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහායද ලැබී තිබෙන අතර, ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

නිවාස 240කට අර්ධ වශයෙන් හානි සිදුව ඇත.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් අද  දිනයේ පමණක් වසා දැමීමට  පියවර ගැනුණු අතර,  කොළොන්නාව හා  කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල මෙන්ම  ගම්පහ, කැළණිය යන අධ්‍යාපන කලාපවල පාසල් අද (14) සහ හෙට (15) වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...