ඊශ්‍රායලය හා ගාසා තිරය අතර සාමය උදා කරමින් ජනාධිපති ට්‍රම්ප් තරඟාවලියේ වීරයා බවට පත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ බලාපොරොත්තු මල්පල ගන්වමින් වසර දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක වූ මැද පෙරදිග යුද්ධය ඊයේ(13) දිනයේදී නිමා වී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද සාම සැලැස්මට අනුව, දරුවන් ඇතුළු 67,000ක් ඉක්මවූ පිරිසකට ජීවිත අහිමි කරමින් දෙවසරක් පුරා හමාස්හි ප්‍රාණඇපයේ පසුවූ ඊශ්‍රායල ජාතිකයින් අතරින් දැනට ජීවතුන් අතර සිටින අවසන් විසිදෙනා ඊශ්‍රායලය වෙත භාරදීම මෙහිදී සිදු වූ අතර ඊශ්‍රායලය විසින් ද ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන ජාතිකයින් 2,000ක් පමණ නිදහස් කළ අතර ඉන් 250ක් පලස්තීන සිරකරුවන්ය.

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීම සඳහා පැය 4ක් තරම් කෙටි කාලයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය වෙත පැමිණි අතර එහිදී ඔහු ඊශ්‍රායල රජය මගින් පිරිනැමෙන ඉහළම රජය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහිදී ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, තමා මේ වන විට යුද්ධ අටක් නිමාකර ඇති බවත්, සිය පෞර්ෂත්වය ගැලපෙන්නෙම යුද්ධ නැවැත්වීමට වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හානිය 25000 වුණත් ලක්ෂ 5 දෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ...

මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක්...

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...