*
Friday, May 17, 2024
spot_img

Latest Posts

තුෂේන්ගේ රිට යළිත් වාර්තාවකට!

මෙරට ක්‍රිඩා බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා ගෙවුණු යොවුන් ආසියාතික තරගාවලියේදී සිය රිට රැඟෙන යාමේ අවස්ථාව නොලද නිසා රටේම අවධානයට පත් වූ තුශෙන් ද සිල්වා යළිත් වරක් සිය යොවුන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් මීටර් 4.81 ක පිම්මක් පනින්නට සමත් විය.වසරකට ආසන්න කාලයක් තුළ යොවුන් වාර්තාව සහභාගි වන ක්‍රීඩා උළෙලෙන් උළෙලෙන් උළෙලට අලුත් කරන තුෂේන් සිය රිට ද නොමැතිව ආසියාතික යොවුන් තරගාවලිය නියෝජනය කරමින් කසකස්තාන ක්‍රීඩකයාගේ රිටෙන් පිමි පැන නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමඟ ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දීමට සමත් විය.


ආසියානු රිදී පදක්කම සඳහා අප්‍රේල් මාසයේ දී ආසියානු යොවුන් රිදි පදක්කම සඳහා තුෂේන් පැන්න පිම්ම මීටර් 4.70 ක් විය.මේ පිම්මත් සමඟ තුෂේගේ හැකියාව මීටර් 4.81 දක්වා සෙන්ටි මීටර් 11 න් ඉදිරියට පැමිණ ඇත්තේ මාස 6 ට ආසන්න කාලයකදී ය.මේ නිසා ඉතා අවධානයෙන්,සුපරික්ෂාකාරීව අනාගතය වෙනුවෙන් මෙහෙයවිය යුතු තුෂේන් රැක බලා ගැනීමේ වටිනාකම ක්‍රීඩාව වෙනුවෙන් වගකිවයුතු අංශවල යුතුකමකි.


බස්නාහිර පළාත් පාසල් තරගාවලියේදී නව වාර්තාගත පිමිමට පිවිසුණ තුෂේන් තව සති කිහිපයකින් එළැඹෙන ජාතික පාසල් ක්‍රීඩා උළෙලේදී සිය පිමිම තව දුරටත් වර්ධනය කර ගැනිමට ඉඩ ඇත.යොවුන් ක්‍රීඩකයෙක් ලෙස සිය වයස් සීමා ඉසව්වලදී හුදෙකලාව තරගාකාරී පසුබිමක් නොමැතිව වුව වාර්තා තනියෙන් හඹා යාමට තරම් සවියක් දිරියක් ඇති මේ ක්‍රීඩකයාට වඩාත් තරගකාරී ඉසව් සඳහා සහභාගිවීමට අවස්ථාව ඇති කළ යුතු වුව ද.සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිඩා බලධාරීන්ගේ කුඩම්මාගේ සැළකිල්ල ලැබෙන ඉසව්වක් ලෙස රිටි පැනීම පවතියි.ඉසව්ව පැවත්වීමට පහසුකම් නොමැතිකම ආදි කරුණු නිසා සීමිත තරග අවස්ථා ඇති රිටි පැනීමේ ක්‍රීඩාව ඒ නිසාම සෙමින් වර්ධනය වෙමින් පවතියි.
මේ තත්ත්වයට පිළියම් ලෙස රිටි පැනීමේ ඉසව්ව ඉදරියට යාමේ ක්‍රියාවලිය යම් ආකාරයකට ශක්තිමත් වී ඇත්තේ පෞද්ගලිකව ඊට ආදරය කරන පිරිසකගේ දායකත්වයෙනි.ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ තුෂේන් ද සිල්වාගේ පුහුණුකරු සනත් ගුණරත්න පමුණුගම ප්‍රදේශයේ සිය පර්චස් තිහක නිවස පිහිටි ඉඩමේම ඉඩ වෙන් කර ගනිමින් පවත්වාගෙන යන ආදේශක උපකරණ යොදා පුහුණුවීම් කරන පුහුණු මධ්‍යස්ථානය ය.වෙනත් රටකනම් මෙවැනි ජාතික වටිනාකමක් ඉටු කරන උථ්සාහවන්තයෙක් සොයා යාම සාමාන්‍ය සිරිත වුව ද,තවම මේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයා පමණක් නොව මලල ක්‍රීඩා සංගම් නිලධාරීන් ද මේ ස්ථානයට ගොස් තත්ත්වය පරික්ෂා කර නැත.


මේ සමඟ තුෂේන්ගේ වාර්තාගත පිම්ම ආශ්‍රිත වීඩියෝව මෙන්ම ඔහුගේ පුහුණු ස්ථානය ගැන කරන ලද වීඩියෝ දර්ශන දෙකක් ද සටහන අගට අමුණා ඇත.
https://youtu.be/9yuPr4WjyZU
https://youtu.be/x3n6ss5x3pk?si=x3Jgs8YSD2jA87Fv

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan