ශ්‍රී ලංකා වොලිබෝලය මධ්‍යම ආසියානු කිරුළ රැක ගැනීමේ මායිමට සැපත් වෙයි!

Date:


මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් සූරතාවලියේ වත්මන් සූරයන් වන ශ්‍රී ලංකාවට එම කිරුළ රැක ගැනීමට යම් බාධාවක් ඇති කරමින් උස්බෙකිස්තාන කණ්ඩායමෙන් පරාජයක් විඳින්නට සිදු වුව ද,ඊයේ (ඔක්තෝම්බර් 13 ) ප්‍රබල ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගය වට 3-1 ලෙස ජය ගනිමින් අවසාන තරගයට පිවිසීමට ඇති ඉඩ පළල් කර ගැනීමට සමත් විය.උස්බෙකිස්තානය පරාජය කරන ලද ඇෆ්ගන් කණ්ඩායමට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සංවිධානාත්මක පෙර පාඩම් වැඩ කළ තරග සැළසුමක් ඇතුළේ ක්‍රීඩා කරමින් පරාජය භාර ගන්නට පාර සකස් කළේය.


අප උස්බෙකිස්තාන කණ්ඩායම හමුවේ පරාජය වීමෙන් පසුව පැවසූ පරිදිම ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබුණ විවේක දිනයෙන් පසුව යම් වෙනස්කමකට ලක් වී තිබෙන බව පැහැදිළිව දැක ගන්නට හැකි විණි.ඇෆ්ගනිස්තානය පාලනය කරන්නට සියලු සැළසුම් සකස් කරගෙන පැමිණි මහේල ඉන්දීවර වෙනුවට ඒ හා සමානම ප්‍රහාර ගණනාවක් ලෙසදු මෙත්මාල්ගෙන් ද විඳින්නට ඇෆ්ගන් ක්‍රීඩකයන්ට සිදු විය.එසේම ජාත්‍යන්තර අත්දැකීම් ඇති මහේල අති ප්‍රවේගකාරී පුහාර සමඟ වේගය බාල කරමින් ස්ථානෝචිතවත්, තව් අවස්තාවක දැල ආවරණය මඟ හරිමින් පිටිපස කළාපයේ සිටත් එල්ල කරන ලද ප්‍රහාර නිසා ඇෆ්ගන් කණ්ඩායමේ පූර්ව සැළසුම් වෙනස් කරන්නට සිඳු විය.

විශේෂයෙන්ම වසන්ත ලක්මාල්,අයේෂ් දිල්හාන් සහ ලෙසඳු මෙත්මාල් විසින් දැල ආවරණයේදී දක්වන ලද හපන්කම් ද ඇෆ්ගන් කණ්ඩායමේ ප්‍රහාර සැළසුම් වෙනස් කරන්නට සමත් විය.මලිශ රවිශාන් විසින් බුද්ධිමත්ව පන්දුව ඔසවා දීම ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ ඉහළ යන්නට විශේෂ සාධකයකි.මේ සියල්ල එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ ආබාධ තත්ත්වයක් නිසා ක්‍රිඩා කරන්නට නායක දීප්ති රොමේෂ් එක් වූයේ නැත.ඒ තත්ත්වය මත දීප්තිගේ බර එකිනෙකා අතර බෙදා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වගකීම භාරගත් ආකාරය ද අපූරු විය.

අද ශ්‍රී ලංකාව මූලික වටයේ අවසාන තරගයට බංගලාදේශයට එරෙහිව තරග වදින අතර එම තරගය දැනට ලකුණු සටහනේ ඉහළින්ම සහ පහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර පැවත්වෙන බැවින් ශ්‍රී ලංකාවට එතරම් අපහසු වේයැයි සිතන්නට නොහැකිය.නමුත් බංගලාදේශය ඊයේ ලකුණු සටහනේ දෙවන තැනට සහ ශ්‍රී ලංකාවට එකම පරජය අත් කර දුන් උස්බෙකිස්තානයට එරෙහිව නව පිබිදීමක් සහිතව තරග කරමින් එක් තරග වටයක් ජය ගැනිමට ද සමත් විය.එබැවින් වඩා සරලව අද තරගය නොගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම බුද්ධිමත් සහ නිහතමානී විම වැදගත්ය.


ශ්‍රී ලංකාව ඊයේ දිනයේදී ප්‍රබල ඇෆ්ගන් කණ්ඩායම ලකුණු 25 – 19, 18 – 25, 25 – 22 සහ 25 – 17 ක් ලෙස පරාජයට පත් කරද්,උස්බෙකිස්තාන කණ්ඩායම බංගලාදේශය පරාජය කළේ ලකුණු 25 – 23,19 -25,25 – 18 සහ 25 0 13 ක් ලෙසය.ඊයේ සවුදි අරාබිය ද ජයග්‍රහණ අතරට පිවිසෙමින් නේපාල කණ්ඩායමට නොසිතූ පරාජයක් අත් කර දුන්නේ වට 3-2 ක ජයග්‍රහණයක් ලබමින්ය.එහි ලකුණු තත්ත්වය 25 – 22,21 -25,25 – 23,25 – 27 සම 16 -14 ක් විය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...