ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් කාර්යාංශයෙන් ඩොලර් දස දහසක්!

Date:

කොළඹ LNW:ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා පවසයි.

මෙම මුදල ශ්‍රී ලංකික ශ්‍රමිකයන් හට අවශ්‍ය කරනු ලබන ආහාර, බෙහෙත් ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් සැපයිම උදෙසා ලබාදී තිබෙන බවයි යාපා මහතා පවසන්නේ.

එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් තවදුරටත් මුදල් ලබා දීම සඳහාද විදේශ සේවා නියුක්ති කාර්යාශය විසින් මේවන විටත් අරමුදල් වෙන් කිරීමටද පියවර ගෙන ඇති අතර ඊශ්‍රයාලයේ සිටින ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමටත් අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර අතුරුදහන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සිදුවීම හැර අද දවස වන තුරු වෙනත් සිදුවීමක් වාර්තා වී නොමැති බවත් අත්අඩංගුවේ සිටිනවාද නැත්නම් මිය ගොස් ඇත්ද යන්න තහවුරු කොට කිව හැක්කේ තානාපති කාර්යාලයෙන් ලැබෙන තොරතුරු මත පදනම් පමණක් බවද යාපා මහතා තවදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...