මැතිවරණ දිනය නීත්‍යානුකූලද ?

Date:

සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය “අනවශ්‍ය සීමා කිරීමක්” ලෙස දකිද්දී තවත් අය “ඒ තරම් දෙයක්වත් හරියට කර ගත නොහැකි වීමක්” ලෙස අදහස් පළ කර තිබෙනු දැකිය හැකියි.

මට පෙනෙන විදිහටනම්, මේ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන්නේම පාර්ලිමේන්තු මැතිවරණ පණතට අනනුකූලවයි. 1988 අංක 15 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පණතෙන් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10 වන වගන්තිය අනුව, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය “නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට සති පහකට නොඅඩු වූද සති හතකට නොවැඩි වූද දිනයක්” විය යුතුයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණ දිනය නිවේදනය කළ 2024 සැප්තැම්බර් 24 දිනැති අංක 2403/13 දරන ඇති විශේෂ ගැසට් පත්‍රය අනුව, “නාමයෝජනා කාලසීමාව වශයෙන් වර්ෂ දෙදහස් විසිහතරක් වූ ඔක්තෝබර් මස හතර වන දිනයෙන් ආරම්භව වර්ෂ දෙදහස් විසිහතරක් වූ ඔක්තෝබර් මස එකොළොස් වන දිනට අවසන් වන කාලසීමාව” නාමයෝජනා භාරගත යුතු කාලසීමාව ලෙස නියම කර තිබෙනවා.

මේ අනුව, නාමයෝජනා කාලසීමාව අවසන් වූයේ ඔක්තෝබර් 11 සිකුරාදා දිනයි. එදින සිට සති පහකට නොඅඩු කාලයකින් පසු එළඹෙන පළමු දිනය නොවැම්බර් 15 සිකුරාදා දිනයයි. නමුත් මැතිවරණය සඳහා නියම කර තිබෙන දිනය නොවැම්බර් 14 දිනයයි. මෙය “නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට සති පහකට නොඅඩු වූද සති හතකට නොවැඩි වූද දිනයක්” නෙමෙයි. ඒ අනුව, මෙම දිනය පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10 වන වගන්තියට අනුකූල නැහැ.

මැතිවරණය පෝය දිනයකද පැවැත්විය නොහැකියි. නොවැම්බර් 15 ඉල් පුර පසළොස්වක පෝයයි. ඒ අනුව, මැතිවරණය පැවැත්විය හැකි මුල්ම දිනය වන්නේ නොවැම්බර් 16 දිනයයි. එහෙත්, කිසිදු අපේක්ෂකයකු හෝ දේශපාලන පක්ෂයක් මෙය ප්‍රශ්නයක් කරගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...