කාර්මික නිෂ්පාදන දර්ශකයේ වර්ධනයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ (LNW):

මේ වසරේ අගෝස්තු මාසයේ දී කාර්මික නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා 1.2%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව පැවසේ.

2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී 91.3 දක්වා ඉහළ ගොස් ඇති බව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහිදී ආහාර නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. බීම වර්ග සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල අඩුවීමක් මේ වසරේ අගෝස්තු මාසයේ දී පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ මෙරට නිල දරිද්‍රතා රේඛාව සුළු පහළ යාමක් වාර්තා වී තිබේ. ජුලි මාසයේ රුපියල් 16,373ක් වූ දරිද්‍රතා රේඛාව අගෝස්තු මාසයේ දී රුපියල් 16,152ක් දක්වා අඩු වී ඇති බව සඳහන්ය. එය 2023 වර්ෂයේ අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ යාමක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...