කොළඹ LNW:139 වන චීන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඊයේ(15) උදෑසන චීනයේ Guangdong පළාතේ Guangzhou නගරයේදී නිල වශයෙන් ආරම්භ වුණා. මෙවර කැන්ටන් ප්‍රදර්ශනයට එක්ව සිටින ව්‍යවසායන් ගණන තිස්දෙදහසකට අධිකයි. එය නව වාර්තාවක් ද සනිටුහන් කිරීමක්. ඉන් ව්‍යවසායන් 3,900ක් පමණ පළමු වරට ප්‍රදර්ශනයට එක් වීම ද විශේෂත්වයක්.
මෙවර ප්‍රදර්ශන ව්‍යුහය “නව, හරිත සහ බුද්ධිමය” යන ප්‍රවණතා සමීපව අනුගමනය කරමින් පාරිභෝගික ඩ්‍රෝන යානා, ස්මාර්ට් පැළඳිය හැකි උපකරණ, නවමු ප්‍රදර්ශන තාක්ෂණය සහ කෘෂිකාර්මික ඩ්‍රෝන යානා ඇතුළු විශේෂිත කලාප නවයක් අලුතින් ස්ථාපිත කර තිබෙනවා. මෙමගින් ගෝලීය කාර්මික දාමයේ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතා නිශ්චිතවම සපුරාලන අතර, සාම්ප්‍රදායික නිෂ්පාදනයේ සිට නවීන නිෂ්පාදනය දක්වා සම්පූර්ණ නිෂ්පාදිත වර්ග ආවරණය කරනවා.
ස්මාර්ට් නිෂ්පාදිත විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීම මෙම වසරේ කැන්ටන් ප්‍රදර්ශනයේ කැපීපෙනෙන විශේෂත්වයක්.
දිනූෂි ධීරසිංහ




