පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීම අද සහ හෙට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ (LNW):

හෙට (16) දිනය වන විට, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවත්, එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් පැවසේ.

අද (15) සහ හෙට යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකු විසින් වැයකළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...