ඔබ බැඳී සිටින්නේ ඉහළ නිලධාරීන් ලබාදෙන නීත්‍යානුකූල විධානයන් පිළිපදින්න පමණයි – විජිතගෙන් සැර කතාවක්!

Date:

කොළඹ LNW:නව දේශපාලන ක්‍රමය තුළ කිසිදු මන්ත්‍රීවරයෙක්,ඇමතිවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් පොලීසියට අනීතික බලපෑමක් සිදුනොකරන හෙයින් රාජකාරීමය වගකීම තුළ හෘද සාක්ෂියට එකඟව රාජකාරී කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) කළුතරදී නවක පොලිස් නිලධාරීන් විසිර යාමේ උත්සවයක් අමතමිනි.

පොලිස් නිලධාරීන් ලෙස බැඳී සිටින්නේ ඔබේ ඉහළ නිලධාරීන් ලබාදෙන නීත්‍යානුකූල විධානයන් පිළිපැදීමට පමණක් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

”සමස්ත සමාජයම පිරිහෙනකොට පොලීසිය එහි ගොදුරක් වෙන එක වළක්වන්න බැහැ. ජනතාවගේ පැත්තෙන් පොලීසියට ඇගිල්ල දික්කරනවා පොලීසියේ අඩුපාඩු කියනවා වැරදි කියනවා. එවැනි තැනකට පොලීසිය පත්වුණේ පොලිස් නිලධරයින්ගේ වරදක් නිසාම නෙවෙයි. කාලයක් තිස්සේ අපේ රටේ පැවතුණු වැරදි ආර්ථික දේශපාලන සංස්කෘතිය නිසා. එය වෙනස්කිරීමේ වගකීම අපි කාගේත් උර මත පැවරිලා තියෙනවා. අපි කාටත් අවශ්‍ය කරන්නේ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී දේශපාලන බලපෑම් වලින් තොරව ඔබේ රාජකාරීය ඔබේ වගකීම නිවැරදිව ඉටු කිරීම සඳහා ධෛර්යයක් ඔබට තිබිය යුතුයි. එය හොඳට හිතට ගන්න. ඔබ හැමවෙලාවෙම බැඳිලා ඉන්නේ ඉහළ නිලධාරියෙකු ලබාදෙන නීත්‍යානුකූල විධානයන් පිළිපදින්න පමණයි. මා නැවත අවධාරණය කරනවා ඔබ බැඳී සිටින්නේ ඔබේ ඉහළ නිලධාරීන් ලබාදෙන නීත්‍යානුකූල විධානයන් පිළිපදින්න පමණයි. යම් කිසි නිලධරයෙක් නීති විරෝධී විධානයක් ලබාදෙන්නේ නම් ඔබට ශක්තියක් තිබිය යුතුයි,ඔබට ධෛර්යයක් තිබිය යුතුයි එය වැරදි නීති විරෝධී නියෝගයක් බව පෙන්වාදෙන්න. ඒකට කිසිසේත් පැකිළෙන්න එපා. එහෙම වුණොත් පමණයි අපිට මේ පොලීසිය නීතිගරුක විනයගරුක පොලීසියක් බවට ගොඩනගාගන්න පුළුවන් වෙන්නේ. දේශපාලන අධිකාරිය විදිහට අපි ඒ සඳහා අවශ්‍ය කරන සියලු මැදිහත්වීම් පහසුකම් අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන ලබාදෙන්න සූදානම්. ඒ නිසා බය නැතුව ඔබේ හෘද සාක්ෂියට එකඟව ඔබ රාජකාරී කරන්න. අලුත් දේශපාලන ක්‍රමය ඇතුලේ කිසිදු මන්ත්‍රීවරයෙක්,ඇමතිවරයෙක් ජනාධිපතිවරයෙක් ඔබට අනීතික නියෝග දෙන්නේ නැහැ. අනීතික දේවල් කරන්න කියල බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා ඔබටත් වගකීමක් තියෙනවා එවැනි තත්ත්වයක් තුළ නිවැරදිව රාජකාරී කරන්න.අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි පොලීසියක්.එවැනි අනාගතයක්.” යනුවෙන් විජිත හේරත් මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සතිඅන්තයේ දී සන්ස්ක්‍රීන් අමතක නොකරන්න! සූප ශාස්ත්‍රයෙන් නමගිය Gordon Ramsay ගෙන් පණිවුඩයක්!

සටහන – පුලී සැප්තැම්බර් 01, කොළඹ (LNW): නමගිය සූප සාත්තරයෙන්...

Celebrity Buzz: ඉන්දීය වෙඩිමකට කඩා පැන, මනාලිය පුදුමයට පත් කළ බීබර්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

හික්කඩුවේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...