ඉදිරියේදී වාහන ගෙන්වයිද?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ (LNW):

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා , ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. ඒ අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කැබිනට් ප්‍රකාශකවරයා එහිදී පවසා සිටියේ කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආණ්ඩුව විසින් ආනයනය කිරීමට කටයුතු කර නොමැති බවය.

“වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ සඳහා කලින් ගත්ත කැබිනට් තීන්දුවක් තියෙනවා. නමුත් මේ වෙලාවේ හදිසියේ අපි වාහන ගෙන්වීම කරලා නැහැ. අපි බලයට පත්වුණාට පස්සේ තීරුබදු සහන දෙන වාහන ගෙන්වලා නැහැ. නමුත් වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව… අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදිලා යන්නේ නැති වෙන්න, අපිට ඩොලර් අර්බුදයක් රට තුළ යළි ඇති නොවෙන ආකාරයටත්, ඒ වගේම වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්තාවක් විවෘත කිරීම සඳහා ඒ අවස්ථාව අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමක් අපේ බල පාලනය ඇතුළේ අලුතෙන් ගත් තීරණ විදිහට අපි ක්‍රියාත්මක කරලා නැහැ. නමුත් වාහන ගෙන්වීම පිළිබඳව අපි ඒ අවස්ථාව ලබාදෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉන්නවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...