හදිසි අනතුරකින් නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී මිය යයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):

ඊයේ (14) දින හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මුහුදේ ගිලීමෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

ඔහු මිය යන විට 61 හැවිරිදි වියේ පසුවූ අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවැති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇත. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් ඇති අතර, දැනට වසර ගණනාවක සිට ඔහු එරට පදිංචිව සිට ඇත. සිය වැඩිමල් දියණියගේ විවාහ උත්සවය මෙරට පැවැත්වීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු අවසන් වරට මෙරටට පැමිණ ඇති අතර, ඔහු දියණියන් දෙදෙනකුගේ පියෙක් වන අතර ඔහුගේ බිරිඳ නීතිඥවරියක් වන බව සඳහන් වේ.

හපුහින්න මහතාගේ මෙම හදිසි මරණය පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට නියමිත දිනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...