ඇත්තටම ජනතාව රවට්ටපු දෙයක් මේ වෙලා තියෙන්නේ – විජිත හේරත්

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):

2025 වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව කැබිනට් තීරණ දැනුම්දීමේ අද (15)  පැවැති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 

“ඡන්දෙ කිට්ටු කරලා පසුගිය කැබිනට් මණ්ඩලය එකපාරටම තීන්දුවක් ගත්තා… රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා කියලා…  ජනවාරි මාසයේ සිට. නමුත් අපි සොයා බැලුවම මුදල් අමාත්‍යාංශය කිසිම අනුමැතියක් දීලා නැහැ. ඇත්තටම ජනතාව රවට්ටපු දෙයක් මේ වෙලා තියෙන්නේ.

අපි එහෙම දේවල් කිව්වෙත් නැහැ. එය ඉටුකළ හැකිද? කොහොමද ? කියන එක සොයා බලලා මුදල් තත්ත්වය මත අලුතෙන් තීන්දුවක් ගන්නවා. නැහැ කියන්නෙත් නැහැ…මුදල් තත්ත්වය බලලා තමයි තීරණය කරන්න ඕනේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...