අද (15) සහ ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වර්ධනයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW :

දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය සහ අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවද, ඊයේ රාත්‍රියේ සිට කොළඹ ප්‍රදේශයට ඇද හැලෙන තද වැසි හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් පිරී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...