ගුගල් සමාගම ඉන්දියාවේ AI දත්ත මධ්‍යස්ථානයක් සඳහා ඩොලර් බිලියන 15 ක් වැය කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ දකුණු දිග ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ AI දත්ත මධ්‍යස්ථානයක් සඳහා ගූගල් සමාගම විසින් වසර පහක් තුළ ඩොලර් බිලියන 15 ක් ආයෝජනය කිරීමට සුදානම් බව වාර්තා වේ.

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සබඳතා බිඳ වැටීම මධ්‍යයේ ගුගල්හි මෙම නව ආයෝජන රටේ මෙතෙක් සිදු කරන ලද විශාලතම ආයෝජනය වේ.

මෙම මුලපිරීම ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙකටම සැලකිය යුතු ආර්ථික හා සමාජීය අවස්ථා නිර්මාණය කරන අතර ගුගල්හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි, අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ව්‍යාපෘතිය සාකච්ඡා කර තිබු අතර දත්ත මධ්‍යස්ථානය විශාකාපට්නම් වරාය නගරයේ ආරම්භ වන අතර රටවල් 12 ක් පුරා පැතිරී ඇති ගූගල් හි ගෝලීය AI මධ්‍යස්ථාන ජාලයේ කොටසක් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා යටිතල පහසුකම් ගොඩනැගීම සඳහාඅ ඉන්දියානු තාක්ෂණික දැවැන්තයන්වන අදානි සමූහය සහ එයාර්ටෙල් සමඟ හවුල් වී ඇති අතර මෙම දත්ත මධ්‍යස්ථානය හරහා නව රැකියා අවස්ථා 188,000 ක් ජනනය කෙරෙන බව ගණනය කර ඇති අතර ඩොලර් බිලියන 15 ක ආයෝජනයක් සඳහා ගූගල්ට ස්තූති කරමින්, තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් ප්‍රකාශ කර තිබුණේ, මෙම අවස්ථාව ඉන්දියානු AI මෙහෙයුමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් බොහෝ දුරක් යනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...

එළවළු කොටු විශාල වෙලා – එලවළු මිල ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : වර්ෂාව සහ නායයෑම්...

නාවික සහ ධීවර කටයුතු වළක්වලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ඉකුත් දා, දිවයින...

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ගැන දැනුම් දීමක්!

කොළඹ LNW:අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ...