අයවැයෙන් පසු ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – අධිකරණ අමාත්‍ය‍

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ගේ නියෝග පරිදි , ‍දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට නියමිත ව ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණු දූෂණ විරෝධී පනතේ ව්‍යවස්ථාදායක සභාව යන වගන්තිය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන වගන්තිය ද ව්‍යවස්ථාදායක මණ්ඩලය යන වගන්තිය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන වගන්තිය ද ආදේශ කිරීම මෙම නව පනත් කෙටුම්පත මඟින් සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම වගන්තියේ පැවති දෝෂ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නව කොමිශන් සභාව පිහිටුවීම ඇතුළු කරුණු කිහිපයකට බාධා එල්ල වී තිබුණු අතර , අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් එය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

තවද, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවත් එය බොහෝ දුරට මෙවර අයවැයෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත්, විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...