අයවැයෙන් පසු ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – අධිකරණ අමාත්‍ය‍

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ගේ නියෝග පරිදි , ‍දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට නියමිත ව ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණු දූෂණ විරෝධී පනතේ ව්‍යවස්ථාදායක සභාව යන වගන්තිය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන වගන්තිය ද ව්‍යවස්ථාදායක මණ්ඩලය යන වගන්තිය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන වගන්තිය ද ආදේශ කිරීම මෙම නව පනත් කෙටුම්පත මඟින් සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම වගන්තියේ පැවති දෝෂ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නව කොමිශන් සභාව පිහිටුවීම ඇතුළු කරුණු කිහිපයකට බාධා එල්ල වී තිබුණු අතර , අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් එය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

තවද, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවත් එය බොහෝ දුරට මෙවර අයවැයෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත්, විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...