ව්‍යාපාරික යුවලක් තම සේවිකාවකට අශෝභන ලෙස පහර දෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කඳාන පොලිස් වසමේ ආනියාකන්ද පාර, නාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ සිදුවූ බව කියන, පෞද්ගලික ආයතනයක් තුළ කාන්තාවකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. පොලීසිය සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් ඊයේ (14) 118 ට දුරකථන අංකයට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදුකර තිබුණු අතර, ඊයේ රාත්‍රී කාලයේ දී කඳාන පොලිස් වසමේ ලිප්ටන් පාර, නාගොඩ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, 36 හැවිරිදි කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් වන අතර, අත්අඩංගුවට පත්වූ සැකකරු පහරකෑමට ලක්වු තරුණියගේ ළඟම ඥාතීන් වන බව පොලීසිය සඳහන් කරයි.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, මෙම සැකකාර අඹුසැමි යුවළ ආනියාකන්ද ප්‍රදේශයේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ වෙළෙඳාම් සිදුකරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම ඥාතිවරයාගේ නිවසේ නැවතී අදාළ ආයතනයේ සේවය කර ඇති බවයි.

පහරකෑමට ලක්වූ තරුණිය පොලිසියට පවසා ඇත්තේ, සැකකාර යුවළ තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ පොලීසියට පැමිණිලි කර නොකල බවත් පසුව, සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පොලීසියට පැමිණි කිරීමට තීරණය කළ බවයි.

පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...