සිස්ටම් චේන්ජ් කරන්න සැරසෙන රංගේ බණ්ඩාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එජාප විශේෂ මහා සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේදී අද (15) මෙම මාධ්‍ය හමුවක් පවත්වා ඇත.

එහිදී එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා ඇත්තේ, අරගලය ඉල්ලූ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන සෙනසුරාදා (21)පැවැත්වෙන බවයි.

රංගේ බණ්ඩාර මහතා තවදුරටත් කියා සිටියේ, රට යන “සිස්ටම් එක”වෙනස් කළ යුතු යැයි අරගලය එදා පුන පුනා පැවසූ බවත්, ඒ වෙනස කළ යුත්තේ රටේ පාලන බලය හොබවන දේශපාලන පක්ෂය විසින් බවයි.

එක්සත් ජාතික පක්ෂය එම “සිස්ටම් චේන්ජ්” එක කරන්නට සූදානම් බවත්, රට ඉදිරියට ගෙන යද්දී ඊට ගැලපෙන ලෙස පක්ෂයට නව ව්‍යවස්ථාවක් මෙම සම්මේලනයේ දී හඳුන්වා දෙන බවද එජාප මහලේකම්වරයා පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...

සැබෑ සාමයේ නිර්වචනය…

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සිර දඬුවම් නියම වී සිටින හිටපු...

උතුරු කොරියාවේ කිම් ජොන් උන් උප අගමැති ධුරයෙන් පහ කරයි: නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු...