*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා – බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයත් ජලයෙන් යටවෙයි.

කොළඹ LNW: මේ වන විට මාධ්‍යම කඳුකර ප්‍රදේශයයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වෙත විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනට බාධා මතුව තිබේ.

අද (15) පස්වරු 01.00ට පමණ මෙසේ දුම්රිය මාර්ගය වෙත මෙම ගස කඩා වැටී ඇති අතර, මේ වන විටත් එම ගස කපා ඉවත් කිරීමට නොහැකි වී ඇති අතර , කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.30 ට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණීකේ සීඝ්‍රගාමී දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානයේ පස්වරු 1 සිට නවතා තැබීමට සිදුව ඇත.

කෙසේවෙතත් කඩිනමින් මාර්ගය යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර වසර ගණනාවක සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයද වර්ෂාව හමුවේ ජලයෙන් යටවන අතර පසුගිය දින කිහිපයක් පැවති වර්ෂාව හේතුවෙන් දුම්රිය ස්ථානය යළි ජලයෙන් යට වී තිබේ.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති විසින් දිගින් දිගටම අදාළ බලධාරින් දැනුවත් කළ ද ඒ සඳහා නිසි විසඳුම් මේ දක්වා ලැබී නැත.

මේ හේතුවෙන් විදේශීය සංචාරකයන් ඇතුලු දුම්රිය භාවිතා කරන මගීන් අපහාසුතාවයට පත්වීම නිරන්තරයෙන් සිදුවන්නක් බවට පත්ව තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan