ජනපති චීනයට ! වැඩ බලන අමාත්‍යවරුත් පත් කරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඒ, චීනයේ සිව් දින නිල සංචාරයක් සඳහායි.

එම සංචාරයේ ප්‍රධාන අරමුණ වනුයේ චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමටයි.

මේ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 වනදා සිට 20 වනදා දක්වා චීනයේ සිව් දින නිල සංචාරයකට එක් වනු ඇති අතර, ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

ඒ අනුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.

තවද, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙසත් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...