*
Monday, May 6, 2024
spot_img

Latest Posts

විශේෂ අවශ්‍යතා ඇති අයටත් රියදුරු බලපත්‍ර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා බිහිරිවරුන්ගේ මධ්‍යම සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් දශක 04කට ආසන්න කාලයක් තිස්සේ විශේෂ අවශ්‍යතා ඇති අයගේ රියදුරු බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීම් කල ද එම ඉල්ලීම් ඉටුකර ගැනිම අසාර්ථක වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා බිහිරිවරුන්ගේ මධ්‍යම සංගමය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රවාහන ජාතික වෛද්‍ය සභාව, ඇස්.කන්.නාස පිළිබදව විශේෂඥ වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු පාර්ශව ගණනාවක් සමඟ පසුගිය කාලසීමාවේ කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම විශේෂ අවශ්‍යතා ඇති අයගේ රියදුරු බලපත්‍ර ලබාදෙන ලෙස කළ ඉල්ලීම සාර්ථක වී ඇත.

මෙහිදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂිත වූ මැදිහත් වීම තුළ ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ, විශේෂ අවශ්‍යතා (කථන අපහසුතා ඇති) ඇති අය හදුණාගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් සිදුකර එහි සාර්ථකත්වය අනුව මුළු දිවයින පුරාම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමෙන් පසු , දෙවන අදියර ලෙස පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර (සැහැල්ලු වාහන) ලබාදීමේ වැඩසටහන කුරුණෑගල නගරසභා ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.

මෝටර් රථ දෙපාර්ථමේන්තුව මඟින් සිදුකරනුලබන කාර්යයන් යටතේ පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීම මෙහිදී සිදුකල අතර එම අවස්ථාව සඳහා 250 ක පමණ පිරිසක් සහභාගී වී ඇත. ඒ අතුරින් වෛද්‍ය හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් 160 දෙනෙකු සඳහා තාවකාලික සැහැල්ලු රියදුරු බලපත්‍ර ලබා දීම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ල නි ප භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතා, අමාත්‍ය ඩී.බී.හේරත් මහතා , මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනරුද්ධ මහතා, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභපති දර්ශන අබේරත්න මහතා, ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සභාපති බ්‍රයන් සුසන්ත කොඩිතුවක්කු මහතා ,සංඥාභාෂා පරිවර්ථක ජනක රණසිංහ මහතා, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan