උපුල් තරංග අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණ නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16 , කොළඹ (LNW):

අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යළි දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය. ඒ මාතලේ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් වන එම්.ටී.එම්. ලෆාර් සහ පී.කුමාරරත්නම් විසින්, මාතලේ මහාධිකරණ නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් උපුල් තරංග ගොනුකළ රිට් පෙත්සමක් සළකා බලමින් මෙම නියෝගය කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග, තරග පාවාදීමේ නඩුවක සාක්ෂිකරුවකු ලෙස අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට මාතලේ මහාධිකරණය පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා වරෙන්තු නිකුත් කර තිබිණි.

එක්සත් ජනපදයේ ක්‍රිකට් තරගාවලියකට සහභාගි වෙමින් සිටින තරංගට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්කර ඇති බව අධිකරණයට දන්වා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...