මහර බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය – නීතිපති ෆයිල් එක වහලා. ඉදිරි පියවර අවශ්‍ය නැතැයි CIDයට දැනුම් දීලා !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2020 නොවැම්බර් 29 වනදා කොවිඩ් වසංගත තත්වය අතරේ මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකළ විරෝධතාවකට වෙඩිතබා රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

නීතිපතිවරයා වෙනුවට අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ අත්සනින් යුත් ලිපියක් මගින් මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇති අතර එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ වැලිසර මහේස්ත්‍රාත්වරයාට ද යොමුකර තිබේ.

මේ දැනුම් දීම සිදුකර ඇත්තේ පසුගිය අගෝස්තු 30 වනදා වන අතර ඒ ජනාධිපතිවරණය ද කැඳවා තිබුණු පසුබිමක් යටතේ ය.

එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් වසර තුනක් තිස්සේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව මෙසේ රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීම අපරාධයක් බවට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා මීට වසර එකහමාරකට පෙර තීරණය කර තිබුණු අතර මෙම අපරාධයට සම්බන්ධ සියලුම නිලධාරීන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියම කර තිබිණි. එසේ නියම කර තිබියදීත් නීතිපතිවරයා මෙම නිලධාරීන් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නැතැයි නිරීක්ෂණය වී ඇති බව පවසමින් මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ලිපිගොනුව වසා දැමීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.

ඉහත කී මහර බන්ධනාගාරයේ රැඳවියන් 2020 නොවැම්බර් 29 වනදා විරෝධතාවක නිරත වී තිබුණේ තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙසත් වෛරස ආසාදනය වී ඇති රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...