මාධ්‍ය කියන විදිහේ අමුතු දෙයක් වෙන්නේ නැහැ – මහාචාර්ය අනිල් ජයන්ත

Date:

කොළඹ LNW:අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අරමුදල් රැස් කර ගැනීමක් මිස වෙනත් දෙයක් මේ දිනවල සිදු නොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

ආණ්ඩුවකට එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට,එම සේවා ඉදිරියට පවත්වාගෙන යෑමට අරමුදල් අවශ්‍ය වන අතර සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම මඟින් මහ බැංකුව අරමුදල් රැස් කර ගැනීම සිදුකරන බව මහාචාර්යවරයා කියාසිටියි.

”ඒ වගේම නියමිත දිනට කල්පිරෙන ඒවාට ආපසු ගෙවීම් සිදු කරනවා. මේ සාමාන්‍ය ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය මේ දිනවලත් සිදුවනවා. නව ජනාධිපතිවරයා පත්වූවා යැයි කියා විශේෂයක් නැහැ. අලුතින් ණය ගැනීම් සිදුකිරීමක් සිදු කර නැහැ. සාමාන්‍ය පරිදි අරමුදල් රැස් කිරීමක් පමණයි සිදු කරන්නේ. ඒ හැරෙන්නට දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් විශේෂ, අමුතු වැඩකට හෝ අසාමාන්‍ය ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමක් සිදු කර නැහැ. මාධ්‍ය මඟින් පෙන්වා දෙන ආකාරයට දේශීය හෝ විදේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අප ණය ලබාගෙන ඇත්දැයි සොයා බැලීමක් කළ යුතුයි. මූල්‍ය වෙළෙඳපොළ ස්ථායීකරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. ඒ සඳහා ඔවුන් පසුගියදා එක්සත් ජනපද ඩොලර් මිල දී ගැනීමක් සිදු කර තිබෙනවා. එය නව ජනාධිපතිවරයා පත්වීමට පෙර කළ දෙයක්. අපි ඒ සම්බන්ධයෙනුත් සොයා බැලීමක් කළ යුතුයි.දේශීය වෙළෙඳපොළෙන් අරමුදල් රැස්කර ගැනීම සම්බන්ධයෙන් කොපමණ මුදලක් රැස් කර තිබේ ද? යන්න පිළිබඳ සොයා බැලීමට කටයුතු කරනවා” යනුවෙන් අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : හෙට (09) පැවැත්වීමට...

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...