ජනාධිපති ට්‍රම්ප්, වෙනිසියුලාණු භුමියේ විශේෂ CIA මෙහෙයුමක් දියත් කිරීමට නියෝග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වෙනිසියුලාවේ රහසිගත මෙහෙයුම් සිදු කිරීම සඳහා මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) වෙත බලය පවරා ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති ට්‍රම්ප් ඊයේ(15)දිනයේදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, වෙනිසියුලාවේ මත්ද්‍රව්‍ය සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ගලා ඒම මැඩපැවැත්වීමට එක්සත් ජනපදය විදේශීය භූමියක ක්‍රියත්මක වීමට සුදානම් වන බවත්, තම පරිපාලනය වෙනිසියුලාව තුළ ගොඩබිම් හමුදා මෙහෙයුම් ද සලකා බලමින් සිටින බවත්ය.

මෑත සතිවල කැරිබියන් මුහුදේ වෙනිසියුලානු බෝට්ටුවලට එල්ල කළ මාරාන්තික ඇමරිකානු ප්‍රහාර කිහිපයක් පුද්ගලයන් 27 දෙනෙකු මියයාමත් සමඟ වොෂින්ටනය සහ වෙනිසියුලාව අතර ගැටුම් උත්සන්නව ඇති අතර ට්‍රම්ප් යුද නැව් අටක්, න්‍යෂ්ටික බලැති සබ්මැරීනයක් සහ ප්‍රහාරක ජෙට් යානා කැරිබියන් දූපත් වෙත යොදවා ඇත.

පසුගිය වසරේ මතභේදාත්මක මැතිවරණයෙන් පසු බලයට පැමිණි වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝගේ රජය මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, එක්සත් ජනපදය ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරන බවත්, සාකච්ජා සඳහා වෙනිසියුලාව සුදානම් බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...