දිනෙන් දින දියුණුවෙමින් පවතින ලෝකයක, ඔන්න දැන් ‘විශ්වීය’ වකුගඩුවකුත්!

Date:

සටහන – පුලී

ඔක්තෝබර් 16, කොළඹ (LNW):   දශකයක මහන්සියක ප්‍රතිඵලයක් ලෙස, පර්යේෂකයන් වකුගඩු අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන් ඉදිරි ගමනකට පෙරට වඩා අඩියක් තබමින් සිටී. එහිදී වෙනස් රුධිර වර්ග ඇති පරිත්‍යාගශීලීන්ගෙන් වකුගඩු මාරු කිරීමට හැකිවීම, එමඟින් පොරොත්තු කාලය සැලකිය යුතු ලෙස වේගවත් කර ජීවිත බේරා ගත හැකිවීම මෙහි සුවිශේෂී පැතිකඩකි.

කැනඩාව සහ චීනයෙහි කණ්ඩායමක් විසින් මෙලෙස ‘විශ්වීය’ වකුගඩුවක් නිර්මාණය කිරීමට සමත් වී ඇති අතර, එය න්‍යායාත්මකව ඕනෑම රෝගියෙකුට පිළිගත හැකිය.

මොළය මියගිය ප්‍රතිග්‍රාහකයෙකුගේ ශරීරයේ ඔවුන්ගේ පරීක්ෂණ ඉන්ද්‍රිය දින කිහිපයක් නොනැසී ක්‍රියාත්මක වූ අතර, ඔහුගේ පවුලේ අය ද එම පර්යේෂණයට එකඟ විය.

“මිනිස් ආකෘතියක මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය අපි දුටු පළමු අවස්ථාව මෙයයි,” කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාඥ ස්ටීවන් විතර්ස් ප්‍රකාශ කළේය.

දිගුකාලීන ප්‍රතිඵල වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව එය ඔවුන්ට මහඟු රුකුලක් වනු නොඅනුමානය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...