138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (15) චීනයේ Guangzhou නගරයේ ආරම්භ වුණා. මේ වන විට මෙවර ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 218 කින් ගැණුම්කරුවන් දෙලක්ෂ හතලිස් දහසකට අධික සංඛ්‍යාවක් එක්ව ඇති අතර පූර්ව ලියාපදිංචි කිරීම් 10% කින් ඉහළ ගොස් කිබෙනවා.

මෙම වසරේ කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය වර්ග මීටර් මිලියන 1.55 ක කලාපයක් ආවරණය කරනවා. විශේෂ අංශ 13ක් ඔස්සේ ප්‍රදර්ශන කලාප 55ක් වෙන් කිරීමත් විශේෂත්වයක්. සේවා රොබෝ කලාපය අඛණ්ඩව පවතින අතර, ස්මාර්ට් සෞඛ්‍ය සේවා කලාපය ලෙස නව කලාපයක් එක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදර්ශන කුටි 74,600ක් සහ ප්‍රදර්ශකයින් 32,000කට වඩා, මෙවර ඉදිරිපත් වීම වාර්තාගත ඉහළම අගයක් වනවා. අපනයන ව්‍යාපාර අතරින් 3600ක් පමණ ප්‍රථම වරට ඊට එක් ව සිටිනවා. අධි තාක්‍ෂණික, විශේෂිත, නවෝත්පාදන සහ යම් ක්ෂේත්‍රයන් හි පුමුඛයන් ලෙස පිළිගත් උසස් තත්ත්වයේ සමාගම් සංඛ්‍යාව පළමු වරට 10,000 ඉක්මවා යාම ද විශේෂත්වයක්.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...