සටහන – රුවන් නෙළුගොල්ල
කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ අද (16) තිරණය කිරීමට නියමිත බා වාර්තා වේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගැනීමට නියමිත ය.
එම කාරක සභාව අද පෙරවරුවේ නියෝජ්ය කථානායක රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.
කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහි චෝදනා 50ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්රීවරුන් කණ්ඩායමක් විසින් පසුගියදා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වෙත භාරදෙනු ලැබිණි.
පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවට වැඩිම චෝදනා ප්රමාණයක් ඇතුළත් වූ අවස්ථාවත් මෙය බව සඳහන්.
කථානායක ජගත් වික්රමරත්න මහතා මේ වනවිට බෙල්ජියමේ සංචාරයක නිරතව සිටී.


