කල්දැමූ පුංචි ජන්දය තියන්න කොමිසම යළි මුදල් ඉල්ලයි!

Date:

කොළඹ LNW: කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිසම නැවතත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව, මැතිවරණය පැවැත්වීම දක්වා වූ කාල සීමාව සදහා අවශ්‍යව ඇත්තේ රුපියල් බිලියන 2.2 ක මුදලක් පමණක් බව පවසන මැතිවරණ කොමිසම ඉතිරි මුදල මැතිවරණය පවත්වා මාස තුනක් ඇතුළත වාරික තුනකින් ලැබීම ප්‍රමාණවත් බවද සඳහන් කර ඇති බව සඳහන්.

රටේ මුදල් තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයක තිබෙන බැවින් කල් දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරය විසින් මුදාහරිනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තුවෙන් පසුවෙන බවයි දැක්වෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...