ඉදිකිරීම් නැවතුණු නිවාස ව්‍යාපෘති යළි ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාකුඹුර, මාලබේ, බොරලැස්ගමුව, ස්ටේඩියම්ගම, ඔරුගොඩවත්ත අදියර 1 හා 2, පෑලියගොඩ අදියර 1හා 2, අනුරාධපුර ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ඇතුළු, මධ්‍යම හා ඉහළ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක ඒකක 2918 කින් සමන්විත නිවාස ව්‍යාපෘති 9 යේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය දැනුම් දෙයි.

මෙම නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු නතර වීමට ප්‍රධාන ලෙස බලපෑවේ රටතුළ තිබූ දැඩි ආර්ථික අර්බුදයයි. ඒ අනුව ඉකුත් 2021 වසරේදී මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීම ආරම්භ කර තිබුණි. නාගරික සංවර්ධන අධිකාරිය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම නිවාස ව්‍යාපෘති සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කි‍රීමේ කටයුතු සිදුකරනු ලබන්නේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි බව සඳහන් වේ.

නිදන කාමර දෙකකින් සමන්විත නිවසක් විශාලත්වය වර්ග අඩි 700 කි. නිදන කාමර තුනකින් සමන්විත නිවසක විශාලත්වය වර්ග අඩි 900කි. නැඟී එන මධ්‍යම පාන්තිකයන්ගේ ආදායම් තත්ත්වයට සරිලන පරිදි මෙම නිවාස ඉදිකෙරෙන බව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට නිවාස සඳහා ප්‍රවේශ වීමට ඇති බාධක ඉවත් කිරීම සහ රැකියා ස්ථානයන්ට පහසුවෙන් ළඟාවෙමින් නාගරික ප්‍රදේශවල පදිංචිවීමට මධ්‍යම ආදායම්ලාභීන්ට හැකියාව ලැබෙන බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පෙර විකුණුම් පදනම යටතේ මෙම නිවාස ව්‍යාපෘති ඉදිකරනු ලබන අතර, නිවාස මිලදී ගැනීම සඳහා අවශ්‍ය බැංකු පහසුකම්ද නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත සිදුකරන බව තොරතුරු වර්තා වේ.

එම අධිකාරිය වැඩිදුරටත් පැවසූවේ, මාළබේ, මාකුඹුර, බොරලැස්ගමුව හා ඔරුගොඩවත්ත නිවාස ව්‍යාපෘති වල නිවාස කිහිපයක් සඳහා දැනටමත් මුදල් ගෙවා අවසන් කර ඇති බවයයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!