සංචාරකයින්ගෙන් පිරී ගිය “කුමන” ට කෝටි 4ක ආදායමකුත් ලැබිලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කුමන ජාතික වනෝද්‍යානය පිළිබඳ වඩා වැදගත් වන්නේ, ප්‍රධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය. මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.

කුමන, යාල ජාතික උද්යානයට යාබදව පිහිටා ඇති කුමන අතීතයේදී හැඳින්වුනු ලැබූයේ නැගනහිර යාල ජාතික උද්‍යානය ලෙසයි. නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන ” කුමන” නමට වෙනස් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා උද්‍යානය 1985 සිට 2003 මාර්තු දක්වා මෙය වසා තිබුණි.. මෙයට 2004 ඇතිවු සුනාමි තත්වය නිසාද දැඩි බලපෑම් ඇති විය.

නමුත්, පසුගිය 2023 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ රුපියල් කෝටි 4ක ආදායමක් ලැබු බව කුමන ජාතික වනෝද්‍යාන, උද්‍යාන භාරකාර ඩී. වී. සමරනායක පැවසූයේ දැඩි උද්‍යෝගයකිනි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම කාලය තුළ දෙස් විදෙස් සංචාරයකයන් 11,999ක් ප්‍රමාණයක් උද්‍යාන නැරඹීම සදහා පැමිණ ඇති අතර , මෙහි සිටින විවිධාකාර සත්ත්වයින් දැක බලා ගැනීමට සංචාරකයන් දැඩි උනන්දුවකින් පසුවන බවයි.

මෙම උද්‍යානය සංක්‍රමණ සමයේදී කුරුල්ලන් අති විශාල ප්‍රමාණයක් මෙම වනෝද්‍යානයේදී දැක බලා ගත හැකි අතර අලි, දිවියන් සහ අනෙකුත් සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් සිටී.

කුමන ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බවත්, ශ්‍රී ලංකාවේ දිවියන් නැරඹීමට ඇති විශිෂ්ටතම ස්ථානවලින් එකකි. ශ්‍රී ලංකාවටම ආවේණික විශාල සත්ත්ව ගහණයක් ජීවත් වන සත්ත්ව පාරාදීසයක් බව හැඳින්විය හැක.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...