අලුත් පනත්වලින් හොරකම් වහන්න බැහැ.දැඟලුවා හොඳටම ඇති.දැන් ජනතාවට අවස්ථාව දෙන්න!

Date:

කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීමට නොහැකි වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව ඉදිරියෙන් තබාගෙන හොර නඩය සුපුරුදු හොර ගණුදෙනු සිදුකරන නිසා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඒ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද දන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රට බංකොලොත් වී තිබෙන අතර රටේ පාලකයො මහජනතාව මහමග කන්න නැතුව මැරුණත් ඔවුන්ගේ සුපුරුදු හොරකම් ටික සිදුවීමට ඉඩ හැර තිබෙන බවත් මෙය වෙනස් කරගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවයි විජේසිරි මන්ත්‍රීවරයා කියාසිටියේය.

”අලුත් පනත් වලින් හොරුන්ගේ හොරකම් වහන්න උත්සහ කරන්නෙ. ඒක කරන්න බෑ. දැන් පාර්ලිමේන්තුව විසුරවන්න. බදුපිට බදු ගහලා විදුලිබිල වැඩි කරා දැන් ආයි වැඩි කරන්න හදනවා. අලුගුත්තේරු වැඩ කරන්න එපා කාංචන විජේසේකර ඇමතිතුමෝ. නාමල්ගෙ විදුලි බිලගෙවන්න දේශපාලකයෝ ඉදිරිපත් වුණාට මහජනතාව වෙනුවෙන් ඉදිරිපත්වෙන්නෙ නෑ. බෝම්බ ගහලා ඊශ්‍රායලය විනාශ වෙනවට වඩා වැඩි විනාසයක් ආර්ථික ඝාතකයෝ එකතුවෙලා මේක විනාශ කරලා. රනිල් මේ විදිහට පනත් ගෙනල්ල ආරක්ෂා කරන්න හදන්නෙ හොරුටිකම තමයි. ඒ හොරු ගැන මාධ්‍ය තුළින් අනාවරණය වීමයි මේ වසන් කරන්න හදන්නෙ. ඒකට අපි ඉඩ දෙන්නෑ. අධිකරණයෙනුත් ඒකට ඉඩක් නෑ. අපි සියලුදෙනා එක්ක එකතුවෙලා මේක පරාජය කරනවා.අපේ අපේක්ෂකයා වෙනසක් නෑ. මේ සන්ධානගතවෙන්න හදන්නෙ බංකොලොත් වෙච්ච පක්ෂ. ඔවුන්ගෙන් ගිලිහිගිය බලය සන්ධාන හරහා නැවත බලයට එන්නයි උත්සහ කරන්නෙ. නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු පිරිස තමයි මහින්දල නැවත බලයට ගෙනාවේ ඔහුන් වගකියන්න ඕනා මේ බංකොලොත් තත්ත්වයට.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ ජර්මන් සංචාරය ගැන අසත්‍ය ප්‍රකාශයක් කළැයි ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයේ නිරතව...

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...