ගම්මන්පිල මාධ්‍ය හමුවෙන් පස්සේ අප්‍රසිද්ධියේ නම් කියූ පොලිස් ලොක්කන් දෙන්නා කවුද ?

Date:

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ දවස්වල පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා දෙකක් ප්‍රසිද්ධියට පත් කරන්නය කියලා ආණ්ඩුවෙන් ගේම ඉල්ලමින් ඉන්නවානෙ.

ගම්මන්පිල මුලින්ම මාධ්‍ය හමුවක් තියලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් කළා මේ වාර්තා දෙක දවස් හතක් ඇතුළත ප්‍රසිද්ධ නොකළොත් තමන් ඒවා ප්‍රසිද්ධ කරනවා කියලා. ඒකට පිළිතුරු දෙමින් අමාත්‍ය විජිත හේරත් කිව්වේ මේ වාර්තා දෙක ගම්මන්පිල විසින් ළඟ තබා ගැනීමත් අපරාධයක් ය, ඒ නිසා ඒ වාර්තා දෙක රජයට භාරදෙන්න ගම්මන්පිලට දවස් තුනක් කල් දෙනවා ය කියලා. ගම්මන්පිල නැවත වතාවක් මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වා ඒ වාර්තා දෙක ප්‍රසිද්ධියට පත්කරන බවට ආණ්ඩුවක් ප්‍රතිඥාවක් දෙනවා නම් පමණයි තමුන් ඒවා ආණ්ඩුවට භාරදෙන්නේ කියලා.

අපට ආරංචි වුණු හැටියට ඔය මාධ්‍ය හමුවෙන් පස්සේ “ඕෆ් ද රෙකෝඩ්” සිදුවුණු කතාබහකදී ගම්මන්පිල දෙන්නෙක්ගේ නම් කියලා තියෙනවා ලු. ඒ, පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනවලට ඒ කාලෙදී සම්බන්ධ වුණු, දැනටත් යම් ආකාරයකින් සම්බන්ධ වෙලා ඉන්න හිටපු පොලිස් ලොක්කෝ දෙන්නෙක්ගෙ නම් ලු. ඔය වාර්තා දෙක හදිසියේම කරළියට එන්නෙම ඔය ලොක්කෝ දෙන්නාගෙ නම් දෙක නිසා ලු.

ගම්මන්පිලගේ පැත්තගෙනුත් ආණ්ඩුවේ පැත්තෙනුත් මේ සම්බන්ධයෙන් ඊළඟට මොකක් කරයිද කියලා අපට දැන්ම කියන්න බෑ. බලාගෙන ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...