ලෝක රගර් සම්මේලනයෙන් ප්ලාස්ටික් ගඩොල්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 17, (LNW) කොළඹ :

ජාත්‍යන්තර රග්බි සම්මේලනය වඩාත් පරිසර හිතකාමි අදහසකට පණ දෙන්න තීරණය කරලා තියෙනවා.ඒ මේ පොළවට බරක් වෙමින් නොදිරන ද්‍රව්‍යයක් හැටියට හඳුනාගෙන තිබෙන ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග ලෝකය ගොඩ නැඟීමට යොදා ගන්නයි.


ගොඩ නැඟීමට කියන අදහස තුළින් ගම්‍ය වෙන්නෙ නිවාස ඉදිකිරීම් සඳහා මේ ද්‍රව්‍ය ගඩොල් බවට පරිවර්ථනය කරන වැඩ සටහනකට පණ දෙන්නට ජාත්‍යන්තර රගර් සම්මේලනය එකඟ වී තිබෙනවා. අවුරුදු 20 න් පහළ රගර් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වෙන දකුණු අප්‍රිකාවෙන් මේ සඳහා මුල පිරීමට ඔවුන් කල්පනා කර තිබෙනවා.

‘Bag that Builds‘ නමින් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය ගැන දකුණු අප්‍රිකාව සහ වේල්ස්ය අතර 2022 දී පැවති ටෙස්ට් තරගයේ දී කළ අත්හදා බැලීම නිසා දකුණු අප්‍රිකාව සමඟ මෙම ව්‍යාපෘතිය ඉහළින්ම බැදී තිබෙනවා.එරට රග්බි පරිපාලනයේ වානිජ ගිණුම් කළමණාකරු සැලි එස්කෝර්ට් පවසන්නේ,ඔවුන් 2022 දී සොයා ගත් විසඳුම වඩාත් තිරසාරව ඉදිරියට පැමිණ ඇති බවත්,එය විශිෂ්ඨ කාර්යය් බවත් ය.

තරඟාවලි පැවැත්වෙන ස්ථාන හරහා ප්ලාස්ටික් – වතුර බෝතල්, චිප් පැකට්, දවටන සහ පොලිස්ටිරින් බහාලුම් – එකතු කර පසුව එය මිලිමීටර් 5-6 කෑලි වලට කැටි කර,ඉන් පසුව එය කොන්ක්‍රීට් මට්ටමට ගෙන ඒමට අවශ්‍යය මිශ්‍රණ සමග යොදා ගඩොල් සකස් කරන බවය. එය විශාල අස්වැසිල්ලක් ගෙන දෙන විසඳුමක් වුව,එය ප්ලාස්ටික් භාවිතයට මිනිස්සු පොළඹවන යමක් නොවන බව තේරුම් ගැනිම වැදගත්ය.
එය වීශ්වය පුරාම නිවාස ගොඩනැඟීළි ඉදි කිරිමට භාවිතා කළ ද,නිම කළ නොහැකි තරමේ විනාශයක සළකුණු සහිත භාවිතාවකි.ප්ලාස්ටික් සහ පොලිතින්වලින් සිඳුවන විනාශය අවම කිරීම මිස ‘Bag that Builds‘ යනු ඒවා භාවිතයට පොළඹවන සුළු වැඩ සටහනක් නොවේය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...