ඕස්ට්‍රේලියාවේදී රශ්මිගෙන් රැස්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 17, (LNW) කොළඹ :

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවත්වෙන රොකෙටෝ ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියට සහභාගි වන රශ්මි මුදලිගේ චීන තායිපේ ක්‍රීඩිකා ලිම් ටින් එම් ටිෆානි පරාජය කරමින් වට 2-1 ක තියුණු ජයක් වාර්තා කරන්නට සමත් වූවාය.ශ්‍රී ලංකාවට වඩා දියුණු සහ ශක්තිමත් බැඩිමින්ටන් ක්‍රීඩාවක් ඇති චීන තායිපේ ක්‍රීඩිකාව මේ ආකාරයෙන් පරාජයට පත් කරන්නට ලැබීම රශ්මිගේ ඉදිරි ක්‍රීඩා ජීවිතයට දිරි දෙන්නක් මෙන්ම ඇයගේ හැකියාව පිළිබඳ ආත්ම විශ්වාසය තව දුරටත් වර්ධනය කරන්නක් ද වනු ඇත.

ලකුණු තත්ත්වය දැක් වුණේ 18 – 21,21 – 17 සහ 21 – 12 ක් ලෙසය.තරගය විනාඩි 44 ක් පුරා ක්‍රියාත්මක වී තිබිණි.වර්ථමානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යම් ආකාරයක දරා ගැනීමේ ප්‍රගතියක් පෙන්වන බවට රශ්මි මෙම වට තුනට මුහුණ දුන් ආකාරය වගේම ලෝක කණිෂ්ඨ බැඩිමින්ටන් තරගාවලියේදි රනිත්මා ද සිය දස්කම් හරහා ඔප්පු කිරීම සුබදායි පණිවිඩයකි.


තවමත් 18 වැනි වියේ පසුවන රශ්මිට සිය දෙවන වටයේ දි මුණ ගැසීමට නියමිතව ඇත්තේ චීන තායිපේ ක්‍රීඩිකා හුවැන්ග් චින් පින්ග් සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ටිනෝනජි අතර තරගයෙන් ජය ගන්නා ක්‍රීඩිකාවය.එසේම ඇය අද වරංගනා ජයවර්ධන සමඟ කාන්තා යුගල තරගයද නියෝජනය කිරීමට සූදානමින් සිටින්නීය.

පිරිමි යුගල තරග නියෝජනය කළ බුවනෙක ගුණතිලක සහ ජේසන් හෝමර් ප්‍රධාන තරග වටයට සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් සුදුසුකම් ලබා පැමිණියද ඉන්දීය ක්‍රීඩක යුගලයක් හමුවේ ලකුණු 21 – 13 ක් සහ 21 – 11 ක් ලෙස පරාජයට පත් විය.ඔවුන් පරාජයට පත් වූ හරිහරන් අම්සකසුරාන් සහ රූබන් කුමාර් මෙම තරගාවලියේ සිටින අංක එකේ පිරිමි ක්‍රීඩක යුගලය ලෙස හැඳින්වෙනවා.


පිරිමි ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ ආශිෂන හේරත් සිය පළමු තරගයේ දී හමු වුණේ ජපනායේ කෝයා ඉවානෝ වන අතර ඔහු සමඟ වූ තරගයේ පළමු වටය ලකුණු 11 – 1 ක් ලෙස ජපානයේ ක්‍රීඩකයා ඉදිරියෙන් සිටියදි ඇති වූ අපහසුතාවයක් නිසා ආශිංසන තරගයෙන් ඉවත් වුණා.දුමින්ද අබේවික්‍රම ද සිය මුල් තරගය ජය ගත්තේ ප්‍රතිවාදියා වූ ආදිත්‍යා ජෝෂි තරගයෙන් ඉවත් විම නිසයි.එවිට දුමින්ද ලකුණු 4-2 ක් ලෙස ඉදිරියෙන් සිටියා.එහෙත් දුමින්ද ඒ ජයග්‍රහණයෙන් ඉනික්බිති මුණ ගැසුණු ප්‍රතිවාදියා වූ ජපානයේ සුගෝ ඔගාවා හමුවේ ලකුණු 21 – 10 ක් සහ 21 – 8 ක් ලෙස පරාජයට පත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...