කාන්තාවන් හා දරුවන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව නීති සම්පාදනය විය යුතුයි – සජිත්

Date:

කොළඹ LNW: අප රට පත්ව ඇති මේ අවාසනාවන්ත බැරෑරුම් තත්ත්වය තුළ දිනෙන් දින දරුවන්ගේ, ළදරුවන්ගේ, මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ අයිතින් උල්ලංඝනය වන බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව ළමා මන්දපෝෂණය ගැන ලැබෙන ආරංචි සුබවාදී නොවන බවත් එම නිසා දරුවන්ගේ කාන්තාවන්ගේ අයිතිය ශක්තිමත්ව සුරක්ෂිත විය යුතු බවත් මූලික අයිතිවාසිකමක් ලෙස ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත් සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හොඳ ශක්තිසම්පන්න දරු පරපුරක් සිටීම යනු හොඳ ශක්ති සම්පන්න පුරවැසි පරපුරක් නිර්මාණය වීම බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) රත්මලාන ආසන ක්‍රියාකාරී හමුවේදීය.

මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ මන්දපෝෂණය ළදරුවන්ගේ මන්දපෝෂණය හා දරුවන්ගේ මන්දපෝෂණය වර්ධනය වීම සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් බිහි කිරිමට දැඩි ලෙස බලපාන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය, කොරෝනා කෝවිඩ්, බංකොලොත්භාවය යන ත්‍රිත්ත ඛේදවාචක නිසා රට තුළ බරපතල ඛේචවාචක නිර්මාණය වූ බවත් ඒ තුළින් අසහනයට පත් වන්නේ දරුවන්, ළදරුවන්, මව්වරුන් හා කාන්තාවන් බවත් හෙතෙම කියාසිටියේය.

අද වන විට කාන්තා අයිතිය පවා දිගින් දිගටම උල්ලංඝනය වන අතර නිවසේදී මහමගදී වැඩබිමේ දී කාන්තාව හිංසනයට ලක්වන බවත් 52%ක් වන කාන්තාවන් හිංසනයට ලක්වන නිසා මව්වරුන්, කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් විශේෂිත වූ නව නීති සම්පාදනය විය යුතු බව ප්‍රේමදාස මහතා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...