සුනාමියටත් නොනැවතුණ වර්ණේ නවතියි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 17,  කොළඹ LNW:

ක්‍රිකට් සමඟ බැදුණු බොහෝ හිතවතුන්ට ඔහු වර්ණේ විය.වචනවලට අඩුවෙන්ම තිරිංග තිබුණු වර්ණේ ඒ තිරිංග අඩු කමෙන් ඇති කරගත් කාර්මික දෝෂද සුළු නැත.කෙසේ හෝ අයිසීසී ය ම වර්ණේට තිරිංග යොදන තෙක් ඔහු ගාලු පිටියේ නොනැවතී දිව්වේය.


සුනාමියට විනාශ වූ ගාලු පිටිය යළි පිළිසකර කළ නොහැකි බැවින් වෙනත් තැනෙක ඉදිකිරීමකට කතා වෙද්දී වර්ණේ එයට විරුද්ධ විය.යළි පිටය එහිම ස්ථාපති කරන්නට හේ සමත් විය.එහෙත් මේ නොනවතින මිනිසාට මරු ඉදිරියේ නොනැවතී ගමන් කරන්නට හැකියාව නොතිබිණ.වයස 64 දී ඔහු මරු තුරුළේ නැවතිණ.


යළිත් ඉතිං දුරකතනයකින්වත් ඒ තිරිංග නැති වචන එන්නේ නැත.ඒවා ගොළු වී හමාරය.දේශිය පිටිය සිය වේගවත් දඟ පන්දුවෙන් ඔප දැමුව ද,ජයනන්ද වර්ණවීරට ජාත්‍යන්තර පිටියේ ඒ හපන්කම් පෙන්වන්න එතරම් අවස්ථාවක් නොලද්දේ ය.එහෙත් ඔහු ක්‍රිකට් පරිපාලනය තුළ ආන්දෝළනයට ලක් වූ චරිතයක් විය.පුවත් මවන්නෙක් විය.ගාල්ල පිටිය ශ්‍රී ලංකාවට ජයගත හැකි මට්ටමට සකසමින්,ගාලු ජාත්‍යන්තර පිටිය ශ්‍රී ලංකාව වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ජයගත් පිටිය බවට පත් කරන්නට ඇවැසි පිටිය සැකසීම සිඳු වූයේ වර්ණේ යටතේය.
ඔහු කිහිපාකාරයකින්ම වර්ණවත් මිනිසෙකු සේ ප්‍රකටය.එහෙත් ඒ වර්ණවත් සියල්ලගේ මතක ඉතුරු කර නික්ම ගිය වර්ණේගේ මතක සමඟ සිට අපි ඔහුට ආචාරය දක්වමු!
වර්ණේ සුබ ගමන්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...