බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ

ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත් ප්‍රේමදාස කියන දේශපාලඥයාට හයියක්, ආදරයක් සහ කැක්කුමක් තිබ්බ කාවන්තිස්ස මියයන්න කලින් ගිහින් එයාගේ නළලට හාදුවක් දෙන්න.

වන සත්තු ගැන දන්න නිසා එයාට කාවන්තිස්ස ආයේ නැගිටින්නේ නැහැ කියල දැනෙන්න ඇති.

ඇත්තටම කිව්වොත් එයාට ඒ අවසන් හාදුව දෙන්න යන්න තරම් වෙලාවක් හොයාගන්න පුළුවන් උනා. මඩේ බැහැල එයා ඒක කළා. ඒ වෙනුවෙන් කැපකරන්න වෙලාවක් තිබ්බ. මිනිහෙක් ගත්තම ඒ පොඩි වෙලාව වැදගත්.

කාවන්තිස්ස වැටුණා කියල ආරංචි වෙච්චි සැනින් එයා ගියා යාළුවා බලන්න. ඒක එයා කළේ ඇත්තටම.

මාර බිසී (කාර්යබහුල) දේශපාලඥයෝ රට හදන්න මාර බිසී වෙලාවක ඒ වැඩේට නොයන්න තරම් එයා බිසී උනේ නැහැ. ඔය බිසී කියන එවුන් බිසී වෙලා මේ රට හැදුවානම් මේක සුරපුරයක්…

සජිත්ට ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දේශපාලන කරන අතරේ නඩත්තු කරන්න වෙනත් ජීවිතයකුත් තියනවා. එයා ඇත්තටම කැලේ කොලේ රිංගලා නේචර් ෆොටෝග්‍රැෆි කරනවා. ගහකොළට වන සතාට ආදරේ කරනවා කැමරාවට ඔබ්බෙන්.

දන්නා විදියට ගිටාර් එකක් ගහනවා. පියානෝ ගහනවා. ඩ්‍රම් එක සෙල්ලම් කරනවා. පොඩි සංස්කෘතික කෑල්ලක් එයාගේ තියනවා. අනික් ඔක්කොමල රට හදන්න බිසී.

මෙතන ගත්තම සජිත්ගේ පොඩි වෙනසක් තියනවා. මේ ෆොටෝ එක එන්නේ ඒ වෙනස් තැනින්. මාකට් එකට දාන්න තරම් හොඳම ෆොටෝ එකකුත් නෙවෙයි.

අනික් අයගේ නැති ඔයාගේ තියෙන ඒ පොඩි කෑල්ලට ❤❤ සජිත් !!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

ඇත්තටම මොකද වුණේ : ජාතික පද්ධති ක්‍රියාකරුගේ නිවේදනය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ජාතික පද්ධති...