බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් 42 දෙනෙක් රෝහලට !

0
291

වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ සිසුන් 42 දෙනෙකු අද (17) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

සිසුන් වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් පිරිසකගේ තත්වය බරපතළ බව සඳහන්.

පාසල් ගොඩනැගිල්ල අසල ගසක තිබුණු බඹර කූඩයක් ඇවිස්සී යාම නිසා මෙසේ සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

මේ වනවිට පාසලෙන් සිසුන් ඉවත් කර ඇති බවත් වාර්තා විය.

RN