අද පාර්ලිමේන්තුව උදෑසන 9.30 රැස්වේ , යෝජනා කීපයකුත් ඉදිරිපත් වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (17) උදෑසන 9.30 ට රැස්වීමට නියමිතයි.

අද පාර්ලිමේන්තුවට, බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වැඩසටහනේ එල්ල කර ඇති චෝදනා විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි වූ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ සඳහන් වන්නේ, අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව මෙම යෝජනාවේ සඳහන් වන්නේ, ඇතැම් දේශපාලනඥයින් සහ ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි අංශ නිලධාරීන් අදාළ බෝම්බ ප්‍රහාරය ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවටත්, එම ප්‍රහාරය පසුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බවටත් චැනල් 4 නාලිකාවෙන් චෝදනා එල්ල කර ඇති බැවින් ඒ පිළිබඳව විමර්ෂණයක් පැවැත්වීම වැදගත් බවයි. කාරක සභාවේ වාර්තාව මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ද එම යෝජනාවෙන් අදාළ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි.

මේජර් ප්‍රදීප් උදුගොඩ, වජිර අබේවර්ධන, සංජීව එදිරිමාන්න, නීතිඥ මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, ඩී.බී හේරත් කරුණාදාස කොඩිතුවක්කු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම යෝජනාවට අත්සන් කර ඇත.

තවද, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය අනුව පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ සැප්තැම්බර් 22 වැනි දා දිනයෙනි.

මෙම පනත් කෙටුම්පතේ අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පැවතීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත්වන සමාජයක් ගොඩ නැංවීම සඳහා ප්‍රතිසන්ධාන කාර්යාලයක් පිහිටුවීමයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...