කොළඹත් යටවෙයි! ඒ අවට දැඩි රථවාහන තදබදයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආමර් වීදිය, මරදාන, ආදි ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද (17) උදෑසන සිට කොළඹට ඇඳ හැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී ඇත. අකුණු සමඟ ඇදහැලෙන වර්ෂාව මේ වනවිටත් අඛණ්ඩවම ඇඳ හැලෙමින් පවතී.

මේ අතර අධික වර්ෂාවත් සමග බත්තරමුල්ල පාර්ලිමේන්තු මාර්ගය හා ඒ අවට ද දැඩි රථවාහන තදබදයක්ද ඇතිව තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් , ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපූරු පාඩමකි…නාය ගිය ජීවිත…

මල් වඩම් නැත..සුදු කොඩිත් නැත.අධික මිලවූ පෙට්ටි නැත.මලබෙර හඬත්...

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...