MILCO සහ NLDB අයත් ගොවිපොළවල් 30ක් ඉන්දියාවට විකිණිමේ සූදානමක් – විපක්ෂ නායකගෙන් රජයට චෝදනා

Date:

කොළඹ LNW:සම්පූර්ණ කොටස් අයිතිය රජය සතු මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් මේ වන විට ඉන්දියානු අමුල් සමාගම සමඟ ඒකාබද්ධ සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට රජය සූදානම් බවත් මෙම ආයතනය සතු සම්පත් තුළින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමට රාජ්‍ය කළමනාකාරීත්වය අපොහොසත් වී ඇති මොහොතක සුදුසු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර ආකෘතියක් හදුනා ගැනීමෙන් තොරව බොහෝ රාජ්‍ය ව්‍යවසායකයන් විදේශ සමාගම් වෙත විකුණා දැමීමට කටයුතු කිරීමෙන් මෙරට මහජන සම්පත් නිසි ඇගයීමකින් තොරව අඩු වටිනාකම් යටතේ විදේශීය සමාගම්වලට පැවරීම හා වංචා දූෂණවලට මුල පිරීමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) පාර්ලිමේන්තුවේ දී 27 (2) යටතේ මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළවල් ඉන්දියාවට විකුණා දැමීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරමිනි.

එසේම මේ නිසා එම ආයතනවල සේවය කරන සේවයකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ගැටලු සහගත වී ඇති බවත් මීට පෙරත් රජය මෙවැනි උත්සාහයක් කරා ගියමුත් එය අසාර්ථක වී ඇති තත්ත්වයක් තුළ එම සමාගම් ක්‍රමවේදය තුලම ඉදිරියට යාම සිදු කරන්නේ මන්ද කියා ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

රජයේ පරස්පර ප්‍රකාශ මේ සම්බන්ධයෙන් ඇති බවත් මෙසේ විකිණීමට උත්සාහ දරන්නේ කොළඹ කිරි සමාගම,අඹේවෙල ස්ප්‍රේඩ්‍රයි කර්මාන්තශාලාව, දිගන කිරි කර්මාන්තශාලාව, පොළොන්නරුව කර්මාන්ත ශාලාව හා ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් 30කට වැඩි ප්‍රමාණයක් බවත් මෙය රට විකුණන සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ වරම ක්‍රියාත්මක කිරීමක් ලෙස හැදින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සේවක සුරක්ෂිතභාවය හා අයිතිය තහවුරු කර ගෙන මෙන්ම රාජ්‍ය සම්පත්වල දේශීය අයිතිය තහවුරු කර ගෙන මෙම ආයතන පවත්වා ගැනීමේ විනිවිදභාවයෙන් යුත් නව ක්‍රමවේද අනුගමනය කළ යුතු වුවත් මෙහි එවැන්නක් දක්නට නොලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ එක්වරක් අසාර්ථක වූ අමුල් ශ්‍රී ලංකා ඒකාබද්ධ වැඩසටහන මෙවර සාර්ථක වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම සදහා රජයෙන් විනිවිදභාවයෙන් යුත් සාකච්ඡාවක් අවශ්‍ය බවත් ය.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති අදාළ ඇමතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ අදාළ විෂය භාර ඇමතිවරයා කියා ඇත්තේ ජනාධිපති කාර්යාලයෙන් ගෙන ආ කැබිනට් තීන්දුට තමා අත්සන් කළ බවත් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතු බවත් රට දේශීය කිරිවලින් ස්වයංපෝෂිත කරන බවට සෑම වේදිකාවකම කතා වුනත් මේ වන විට එම ගොවිපොළවල් විකුණා දැමීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...