*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගත් Digital Platform එක සහ Transport Hub එක උමතු රෝගියෙක් ජනාධිපති කරන මහජන උවමනාවට යට වුණා!

කොළඹ LNW: මැනිං වෙළෙඳපොළ හරහා ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගත් Digital Platform එකක් Transport Hub එකක් හදන සැලසුම් සියල්ල උමතු රෝගියෙක් ජනාධිපති කරන මහජන උවමනාවට යට වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආහාර සුරක්ෂිතභාවය අද ලංකාවට ඉතාම අවශ්‍ය වන අතර, ඒ සඳහා අපේ ආහාර නිෂ්පාදන වල ඵලදායිතාවය ඉහළ නැංවීමත් පසු අස්වනු නිෂ්පාදන වැඩි දියුණු කිරීමත්, ආහාර කල් තබා ගන්නත් ඒ වගේම නව ඩිජිටල් තාක්ෂණය, මේ වෙළෙඳපොළ කළමනාකරණය කිරීමත් අවශ්‍ය බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ලෝක ආහාර දිනය නිමිත්තෙන් කොළඹ ජාතික පුස්තකාල පරිශ්‍රයේ දී FIAN SRI LANKA විසින් සංවිධානය කළ ආහාර ප්‍රදර්ශන වැඩසටහනකට එක්වෙමිනි.

“ලංකාව කියන්නේ හුඟක් ආහාර විවිධත්වය තියෙන රටක්. හැබැයි ලංකාවේ ආහාර වලින් විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. ඒ විනාශ වෙන්න හා ඵලදායිතාවය අඩු වෙන්න ලොකු හේතු තියෙනවා. මොකද ලංකාවේ අපි තාක්ෂණය අවභාවිතය නිසා විශාල වශයෙන් අපේ ඵලදායිතාවයත් අඩුවෙලා තියෙනවා. ඒ වගේම ආහාර නිෂ්පාදනයට යන වියදම. පොහොර වල ගණන් හිලව්, කෘෂි රසායන වල ගණන් හිලව්, පෙට්‍රල්, ඩීසල් වැනි නිසා, යන්ත්‍රසූත්‍රවල ගණන් හිලව් නිසා ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අස්වනු විනාශ වීම වෙනවා.

මේ සඳහා ඇත්තටම කළ යුතු එක දෙයක් තමයි අස්වනු කල් තබා ගැනීමට කටයුතු කිරීම. ඉතින් අපි ඒ කාලේ නාගරික සංවර්ධන අධිකාරියෙන් දඹුල්ලේ ඉඩ දුන්නා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට මේ කෝල්ඩ් රූම්ස් හදන්න. ඒවා හදලා තියෙනවා. දැන් අද වෙනකන් පරිහරණය කරලා නැහැ. විශේෂයෙන්ම ලූනු අර්තාපල් ඉලක්ක කරගෙන තමයි ඒක කළේ. ඒ වගේ ඒවා රට පුරා ම අවශ්‍යයි. දෙවෙනි එක විශේෂයෙන්ම උතුරේ ඒ වගේම දකුණේ හැම තැනකම මේ ආහාරවලින් විවිධ වෙනත් නිෂ්පාදන පසු නිෂ්පාදන හදන එක ඒ මගින් ආහාර සෑහෙන කාලයක් අපිට කල් තබා ගන්න පුළුවන් ඒ නිසා ඒ අපතේ යාම අහක දැමීම සම්පූර්ණයෙන්ම වැළකෙනවා එයින් අර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ජාලයක් ඇති කර ගැනීම අපි ඇත්තටම අර මැනිං මාර්කට් එක ඉවත් කරලා පෑලියගොඩ නවීන මැනිං වෙළඳපොළක් හැදුවේ ඔය කට්ටිය ගිහිල්ලා යම් යම් විවේචන කළාට ඉතා දිගු අදහසක් ඇතුව ඒ තමයි වේදිකාවකට රටේ ආහාර නිපදවන්නන්, වෙළෙන්දන්, ප්‍රවාහකයන් ගන්න. එතකොට සියලු දෙනාටම එකෙන් දැනගන්න පුළුවන්, අද ලූණු ගැලෙව්වොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් අද අල ගැලෙව්වොත් මොකද වෙන්නේ? අද බෝංචි කැඩුවොත් මොකද වෙන්නේ? කොහාටද විකුණන්න පුළුවන්? මොකක්ද ගණන් හිලවු? මේක පමා වුනොත් මොකද වෙන්නේ? ඒ වගේම රටේ කොච්චර වගා කරලා තියෙනවද? මේක ලංකාවේ තියෙන ලොකු අඩුපාඩුවක්. ඒ කියන්නේ, සමහරවිට වගා, අපතේ යන්න එක හේතුවක් තමයි, හැමෝම එක ජාතියක් වගා ඉතින් මෙන්න මේවා අරමුණු කරගෙන තමයි අපි ඒ කටයුත්ත කරේ. නමුත් අද ඉතාම අවාසනාවන්ත විදිහට ඒ අදහස් කඩා වැටිලා තියෙනවා මේ රටේ.

මොකද මිනිස්සුන්ට පිස්සුවක් හැදුනා 2019 ජනාධිපතිවරණෙ දී. ඒ පිස්සුවේ ප්‍රතිඵල තමයි දැන් ගෙවන්නේ. නමුත් අපි මේකෙන් ගැලවෙන්න නම් අද ලංකාව ඉතාම අවශ්‍යයි ආහාර සුරක්ෂිතභාවය. අපේ ආහාර නිෂ්පාදන වල ඵලදායිතාවය ඉහළ නැංවීමත් පසු අස්වනු නිෂ්පාදන වැඩි දියුණු කිරීමත්, කල් තබා ගන්නත් ඒ වගේම නව ඩිජිටල් තාක්ෂණය, මේ වෙළෙඳපොළ කළමනාකරණය කිරීමත් අවශ්‍යයි.” යුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan