කෘෂි ආර්ථිකය නංවන්න අළුත් දෙළුම් ප්‍රභේද දෙකකුත් එයි!

Date:

කොළඹ LNW :මෙරට වගාවට සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණ සාර්ථක වී තිබේ.

මේ වනවිට එම දෙළුම් ප්‍රභේද දෙක නොරොච්චෝලෙයි ප්‍රදේශයේ සාර්ථකව වගා කර ඇති අතර එම ප්‍රභේද දෙක මගින් ඉහළ අස්වැන්නක් මෙන්ම ගොවීන්ට හොඳ ආදායමක් උපයා ගත හැකි බව සඳහන්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (16) දින නොරොච්චෝලේ වගා කර ඇති එම දෙළුම් ප්‍රභේද වගාව නිරීක්ෂණය කිරීමකටද එක්විය.

අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 60ක පමණ ආදායමක් මෙම දෙළුම් වගාව මගින් ගොවියෙතුට උපයා ගත හැකි අතර එක් දෙළුම් ගසක ආයු කාලය වසර 30ක් පමණ වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දැනට මෙම නව දෙළුම් ප්‍රභේද දෙක වගා කිරීම සදහා උචිත ප්‍රදේශ හදුනාගැනීම සඳහා ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කෙරෙන අතර එමෙන්ම මෙම නව ප්‍රභේද දෙක නිර්දේශ කිරීම ඉදිරි මාසයක කාලයක් තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග නිදහස් කිරීමේ කමිටුව විසින් සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය දැනුම් දී තිබේ.

මෙම නව ප්‍රභේද දෙක සදහා මෙතෙක් නාමකරණය කර නැති අතර බෝග නිදහස් කිරීමේ කමිටුවේ නිර්දේශ ලද වහාම එම නව දෙළුම් ප්‍රභේද දෙක සඳහා නම් තැබීමට නියමිතයි.

මෙම ප්‍රභේද දෙකම ඉතාමත් ඉමිහිරි රසයකින් යුක්ත අතර පාරිභොගිකයින් ආකර්ෂණය සඳහා සුදුසු වර්ණයකින් ද සමන්විත අතර ඒක් ගසකින් වරකට කිලෝග්‍රෑම් 10ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් අවුරුද්ද පුරාම ඵල හට ගැනීම ද එහි විශේෂත්වයක් ලෙස දක්වා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ජනමතයට හිස නමා පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු – යතුරු පැදි පෙළපාලියක්! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට සහය දක්වමින් අද (23) සමාජවාදී තරුණ සංගමය...

අල්ලස් කොමිසම හමුවට ආ ඇවන්ගාඩ් සභාපති!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අල්ලස් කොමිසම...

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : කළුතර මහනගර සභාවේ...

සජින් වාස්ට වරෙන්තු!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට...