*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ලසිත ජාතික ක්‍රිඩා සභාවෙන් නැවත රගර් වෙත….

මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිඩා ඇමතිට උපදෙස් දෙමින් ජාතික ක්‍රීඩා සභාවේ රැදි සිටිය ලසිත ගුණරත්න එම තනතුර එපා කියා නැවත රගර් කේෂ්ත්‍රයට පිවිසෙමින් ක්‍රීඩා සමාජයක තනතුරක් ලබා ශ්‍රී ලංකා රගර් වෙත දායක වෙන්නට තීරණයක් ගෙන තිබිණ.ආසියානු ක්‍රිඩා උළෙල පරාජය වෙන තෙක්ම ඔහු අමාත්‍යවරයා දුන් දායකත්වයේ පිටුපස ද සිටියේය.ඒ ජාතික ක්‍රිඩා සභාව අමාත්‍යවරයාට නිවැරදි තීරණ ගැනීමට අමාත්‍යවරයා විසින් පත් කර ගත් එකක් බැවිනි.


මේ වසරේ අගෝස්තු මස 18 වන දින ලසිත ගුණරත්න ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වීම සඳහා අවසර ඉල්ලන අතර අමාත්‍යවරයාගේ අවසරය ඊට ලැබුණ බව ලසිතට දැනුම් දෙන්නේ ඔක්තෝම්බර් 02 වන දා ය.ඒ වන විට ශ්‍රී ලංකාව ආසියානු තරග ඉතිහාසයේ දැවන්තම කඩා වැටීම දක්වා අස්ථාවර වී අවසන්ය.සැප්තැම්බර් 25 වන දා රගර් සම්මේලනය කරගෙන ගිය වැඩ නැවතීම ස්ථාවර කළ ස්ථාවරකරණ කමිටුව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේය.අවසාන ප්‍රතිපලය ලෙස ආසියානු සභාපතිවරයාගේ බලපෑම මත සිටගෙන සිටි අමාත්‍යවරයාට ප්‍රතිපලය ලෙස ලැබුණේ තමන්ගේ ක්‍රිඩා ඇමති කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ අසාර්ථකම ප්‍රතිපල ලැබීම සහ ආසියානු රගර් සභාපතිවරයාගේ රට වූ එක්සත් එමීර් රාජ්‍යය හොඳම ප්‍රතිපල පෙන්විමය.


ලසිත ගුණරත්න අප වෙබ් අඩවියට ද කතා කර පවසා තිබුණේ තමන්ට ප්‍රහාරයක් එල්ල කරන බවය.නමුත් ඉතා කැමත්තෙන් අප විවේචන භාර ගැනීමට කැමත්තෙන් සිටිමු.වරදක් වේනම් නිවැරදි කර ගැනිමටද කැමත්තෙමු.නමුත් අප ඔහුගෙන් දිගටම විමසා සිටි කරුණු සත්‍ය බව අපි තවමත් විශ්වාස කරන්නෙමු.
වත්මන් ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාව සමඟ හිත් නොහොද වීම ඇරඹුණේ ලසිත ගුණරත්න පොරොන්දු ප්‍රකාරව ඔහුට සභාපති පදවියට පත්වීම සඳහා ඡන්දය නොදීම නිසාය.අප විසින් එල්ල කරන එම චෝදනාව වැරදිනම් ඔහුට දෙන්නට තිබෙන්නේ සරල පිළිතුරකි.”මම ඡන්දය දුන්නා” යනුවෙන්ය.
එසේ ඔප්පු කළ හැකිනම් ඉන් අනතුරුව ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙක්ම අමතමින් ශ්‍රී ලංකාව කෙරෙහි දැක් වූ වැරදි ප්‍රතිචාරය වැරදිය.එසේනම් එය ආසියානු සභාපතිවරයාට ඡන්දය දිය යුතුය සහ නොදිය යුතුය යන තීරණ දෙකක සිටි බවට වාර්තා පළ වූ දැන් ආසියානු සභාපතිවරයා අසළ සිටින අසංග සෙනවිරත්න හරහා එය නිවැරදි කර ලසිත ඡන්දය දුන් බව සහතික කිරිමට හැකිය.


ලසිතගෙන් පසු පැමිණි පරිපාලනයට බලපෑම් එල්ල වන්නට හේතුව වූයේ ඌව සහ බස්නාහිර සංගම් වලට නැවත බලය පැවරීමය.ඔවුන්ට බලය නැති වන්නට හේතුව නිලවරණයේදී උදා වන්නේ ඇයි ද යන්න හොඳටම දැන රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට උපදෙස් දිය හැක්කේ ලසිත ගුණරත්නටය.ඔහු සභාපති පදවියේ සිටිය අවස්ථාවෙන් පසුව උදාවන මොහොතේ එළැඹෙන නිලවරණයේදී එම සංගම්වලට බලය අහිමි වේනම් එයට හේතුව නිර්මාණය වන්නේ ඔහුගේ සභාපති පදවි කාලය තුළය.


එම සංගම් එවැනි අවස්ථාවක සදාකාලයටම තහනම් කළ යුතුද?නැතිනම් ඔවුන්ට නැවත බලයක් හිමි වීමට රගර් ව්‍යස්ථාවේ ඇති සැපිරිය යුතු කාරණා කවරේද?අප දන්නා පරිදි ඒ සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යංශය ඉදිරිපත් කරන ලද ලිපියට ව්‍යස්ථානුකූලව ඇති ප්‍රතිපාදන දක්වා රගර් පරිපාලනය පිළිතුරු දී තිබියදී එසේ පිළිතුරු නොදුන් බව සළකා පළමු තහනම නාමල් රාජපක්ෂ සමයේ නිකුත් වන්නේය.


මේ කාරණය තව දුරටත් දැන් ජාතික ක්‍රීඩා සභාවේ භූමිකාවෙන් මිදී රගර්මය ජීවිතය වැළඳ ගනිමින් ජාතික රගර් ක්‍රියාවලියේ අදහස් දැක්වීමට පැමිණෙන ලසිත,එය ප්‍රශ්න කරන්නේ සදාකාලයටම ඌව සහ බස්නාහිර රගර්වලට සම්බන්ධවීම වැළක්විය යුතු අන්දමේ වරදක් කර තිබෙන නිසා ද,නැතිනම් වරදකට යම් ප්‍රවේශ විය හැකි මඟක් වසා,තහනමක් හෝ වාරණයක් යම් සංගමයකට ක්‍රිඩා සමාජයකට පැවරුව විට එ්වා ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්තාව අනුව සදාකාලිකවම රගර්වලින් ඉවත් වන්නේ ද යන්න අපට වඩා හොදින් සමාජයට තේරුම් කර දිය හැක්කේ ලසිතටය.ඔහු හිටපු උප සභාපතිවරයෙක් මෙන්ම සභාපතිවරයෙක් ද වන්නේය.
අප ලසිතට වංචා කළ බවට හැඟවුම් කළේ නැත.අප කීවේ මිලයන විස්සක ණයක් ඔහුගේ කාලයේදී රගර් පරිපාලනයට එකතු වූ බවය.අසංකගේ කාලයේ ප්‍රමාණයත් සමඟ එය මිලියන 50 ඉක්මවා ගොස් ඇති බවය.එසේම විදෙස් ක්‍රීඩකයින් ක්‍රිඩා කරවීම නිසා රටට අවනම්බුවක් එකතු වූ බව අපි කීවෙමු.එය එසේ නොවන්නේද?ඒ මොහොතේ අසංගගේ සභාපතිත්වය සමඟ සිටිය සමීප උප සභාපතිවරයා ලසිත බවට අප විසින් කළ ප්‍රකාශය වැරදිද?එහි වරද අවසානයේ ශ්‍රී ලංකා රගර් වෙත පැටවිණි.පවුම් 50000 ක දඩ මුදලක් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රගර් ගෙවමින් ඇත.


ඔබ දැන් ශ්‍රී ලංකා රගර් හමුවේ ප්‍රකාශ කරන්නේ ණය මෙන්ම මේ දඩ මුදල් ද ගෙවිම සභාවේ අනුමතව ඇති බැවින් ඔබ ඒවාට වගකීම අනවශ්‍යය බවය.තර්කයක් හැටියට එය නිවැරදිය කියන්නට ඔබට සාක්ෂි ඇති බව සිතිය හැකිය.හැබැයි මිලයන විස්සක් ණය වන කාලයේ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට නායකත්වය දුන් සභාපතිවරයා ලසිත ගුණරත්න කියා පැවසීම ඒ කුමන නීතියක් යටතේ හෝ වැරදි නැත.
එසේම එම ණය යම් කිසි ආකාරයකින් පියවමින් සහ රගර්වලට අලුත් අනුග්‍රාහකයන් කැඳවමින්,ශ්‍රී ලංකාවේ රගර්වලට දේශපාලනය සමඟ එකතු වි අත පෙවීමට ගත් උත්සාහයන්වලට ආසියාවට ද එරෙහිවීම යන කාරණා අපි පසුගිය සමයේ ශ්‍රී ලංකා රගර් වෙතින් දුටුවෙමු.අප එයට ගරු කළෙමු.එයට මූලීකව මැදිහත් වුණේ රිස්ලි ඉල්ලියාස් බවද අපි සෘජුවම කී අතර අදටද පවසන්නෙමු.


ඒ කාරණාවන් වැරදිද?අප ඒවාට ගරු කිරීම වැරදි වන්නේ ක්‍රිඩා සංගම් අමාත්‍යවරයාට අවශ්‍යය පරිදි හැසිරිය යුතු බව ලසිත විශ්වාස කරන නිසාද?සංගමයක ස්වාධින්තවය යනු දේශපාලන බලධාරියාගේ රැහැන් ඇදීමක සීමාවට යටත්ව තිබිය යුතුද?


තවත් ආකාරයකින් සළකා බලන කළ අප විශ්වාස කරන්නේ ජාත්‍යන්තර සංගම් ඒ රටේ ක්‍රීඩාවේ නියැලෙන පිරිස් එම ක්‍රීඩාව පාලනයට පත් කළ පිරිස් හරහා මිස දේශපාලකයාට සම්බන්ධව පිරිස් සමඟ එක්ව ක්‍රිඩාවට බලපෑම් නොකළ යුතු බවය.එය පසුගිය කාලයේ අපි අත් වින්දෙමු.අපි එහිදි රටේ ක්‍රීඩාව විසින් පත් කරන ලද බලධාරියා ලෙස ඉල්ලියාස් ඊට එරෙහිවීම ගැන එකඟ වුණෙමු.ඒ අපේ එකඟතාවයන් පිළිබඳ සහ ලැබදියාවන් පිළිබඳ වෙනසක්ය.


එය කැමැත්ත සහ ප්‍රතිපත්තිමය එකඟතා මත ඇති වන අපි විශ්වාස ක්‍රීඩාවේ යහගුණයට අදාළ එකකි.ලසිත ගුණරත්න සිටියේ ඒ මොහොතේ අප විශ්වාස කරන කැමත්තට එරෙහිව උපදෙස් දෙන සහ බලපෑම් කරන ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියාකාරකම්වලට අවශ්‍යය උපදෙස් දෙමින්ය.
මේ මොහොත වන විට ඔබ අමාත්‍යරයාගේ ක්‍රියාවන්වලට වගකීමට බැදි නැති බව අපි දනිමු.නමුත් ඔබ නැවත රගර්වලට ආවේ ඒ න්‍යාය පත්‍රයේ කොටසක් ඒ තුළ සජීවීව මෙහෙයවිය හැකි බලය සතු කර ගැනීමටනම් ලසිත තවමත් සිටින්නේ තවමත් අපට දුරින්ය.එහෙත් ලසිතට නොව රොෂාන් රණසිංහට ද අපට ළඟා වීමට බැරිකමක් නැත.ඒ අප විශ්වාස කරන ස්වාධීනත්වය සහ සැළසුම් සහගත නිදහස් කළමණාකාරීත්වයක් දේශපාලනික අත පෙවීමකින් තොරව කරගෙන යාමේ ඉඩකඩ ක්‍රිඩා පරිපාලන ඒකකයකට තිබේනම් පමණි.


එසේ කියා එම සංගම් පාඩු ලබන,දේශපාලන ප්‍රතිරූප පුම්බන්නට සල්ලි ගිල දමන තැන් වුවහොත් අමාත්‍යවරු හිතවත් වුවත් අප හිතවත් වන්නේ නැත.රටේ රගර් වැනි ක්‍රිඩාවක තිබෙන මානසික දරා ගැනීමට ශාරිරික ජවය සහ සවිය සහිත දරා ගැනීම එකතු කිරීමට ගම පෝෂණය කළ හැකිනම් ශ්‍රී ලංකාවේ රගර්වල තත්ත්වය යහපත් කිරිමට අසිරු නැත.නමුත් බලය රඳා පවත්වා ගැනීම වෙනුවෙන් සහ ක්‍රිඩා පණතේ ඇති ඇමති බලයෙන් ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුවේ දේශපාලන බලධාරීන් වෙනුවෙන් බැලුම් පුම්බන වැඩේ ක්‍රිඩා පරිපාලකයා කිරීම හිරිකිත වැඩකි.


ලසිතලාට මේ ඉර වෙන් කර හඳුනා ගන්නට දුෂ්කර වීම කණගාටුදායක තත්ත්වයකි.එසේ නොවුණ තැන රැකෙන්නේ ක්‍රීඩාව නොවේය.ඒ නිසා ඔබ නැවත රගර් පරිපාලනයට එන්නට අවශ්‍යය වන්නේ රගර් මත ඇමති හරහා ගොඩ ගැසුව කුණු අවුස්සා නීතියෙන් ද නිදහස් වූ පසුව ඒ ගඳ පතුරන්නට හැකි මං සොයමින් නොවේය.සුවඳ කරන්නට අවශ්‍යය කරුණු එකතු කරන්නටය.හැකිනම් නුවරඑළිය ලිඳුළ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා රගර් වෙත වතු දෙමළ ප්‍රජාවගේ රගර් කුසලතා එළි දක්වන වැඩක් කිරීමට යෝජනා කරන්නේනම් අපි එහි යාමට වුව පැමිණෙන්නෙමු.ලංකාවේ ප්‍රධාන ක්‍රිඩා සමාජ කළමණාකාරීත්වය සමඟ එහි ගොස් මේ තත්ත්වය සළකා බැලුවහොත් ඔවුන් තමන් සතු දරා ගැනීමෙන් රටේ රගර්වලට බොහෝ දේ ලබා දිය හැකි මිනිසුන් බව හැඟි යනු ඇත.

ලංකාවේ පාරිසරික වෙනස්කම් සහ ජෛව විද්‍යාත්මක සාධක සමඟ රගර්මය නිර්මාණ කළ හැකි විද්‍යානුකූල තත්ත්වයකට පරිවර්ථනය වීම සඳහා දේශපාලකයාට “හා සර්” න්‍යායෙන් වැඩ කිරීම අනුචිතය.ක්‍රීඩා සංගමයක පුටුවක් පුද්ගලයෙක් නැතුව වුව ද වටින්නේය.ඒ නිසා එහි අසුන් ගන්නා අයෙක්ට කළ හැක්කේ වටිනාකම රැකීම හෝ පුටුවට වටින්නේ නැති පුද්ගලයෙක් පත් වි සිටින බව පෙන්වීම පමණි.ඒ නිසා පුද්ගල වටිනාකම් ඉහළ නංවා ගැනීමට ක්‍රිඩාවේ පරිපාලන පුටු භාවිතා කරන්නන්ට වඩා නිශ්චිතවම එම පුටුවල ඇති වටිනාකම් සුරක්ෂිත කළ හැකි අය එම වගකීම් දැරිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු.
අන්න ඒ අපේ විශ්වාසයට ඇතුළත් වෙන්න ලසිතට ද හැකිය.අප සම්බන්ධයෙන් ඕනෑම චෝදනාවක් කරන්නට ලසිත ගුණරත්නට ඉඩ ඇත.එහෙත් පළමුව අප විසින් මුල සිටම ඔහු විසින් ආසියානු සභාපතිට ඡන්දය දීම සහ නොදීම ගැන සිට අපි කියන කරුණු නිවැරදිද නැද්ද යන්න පැවසිය යුතුය.
අමාත්‍යවරයා සමඟ සිට නීතියෙන් හෝ ගසා අහවර කරගන්න බැරි වූ කරුණුවල කුණු ගෙන රගර් මත ඇතිල්ලීම වෙනුවට,ඒ අතම පසුගිය කාලයේ කරගෙන පැමිණි හොඳ වැඩ වෙනුවෙන් දිගු කර අල්ලාගෙන එකට ගමන් කරන්නට ද හැකිය.එයින් රැකෙන්නේ ලසිත ගුණරත්නගේ ඇඟෙහි ලේවලට කළවම්ව තිබෙන රගර්ය.ඇගට පසුව කළවම් කරගෙන සිටින දේශපාලන ප්‍රශංසාවලට වඩා ඒ ලේ පිරිසිදු බව ඔප්පු කිරීම හොදින් නිදන්නට හැකි සැහැල්ලු මනසකට ඔසුවක්ය.


ඉතිං රගර්නම් ට්‍රයි එකක් තිබ්බම එන සතුට කොච්චරද කියා අමුුතුවෙන් කියන්නට අනවැසිය.එය තියෙන කෙනා තරමටම සතුට කණ්ඩායමේ හැමෝටම දැනෙන්නේය.ඒ කණ්ඩායමේ පන්දුව රැඟෙන දුවන එකාව කකුල් මාට්ටු දැමීම කණ්ඩායමේ එකෙක් කරන්නේනම් උට පිස්සුවක් තිබිය යුතුය.
තමන්ගේ කණ්ඩායම තෝරා ගැනීමට විමසිල්මත් විය යුතුය.පිටිය දෙපැත්තේම ට්‍රයි තැබිය හැකි සීමා ඇත.තමන්ගේ කණ්ඩායමට හිමි පැත්තට හැරෙන එක පළමු වැඩේ විය යුතුය.
ලසිතගේ අලුත් රගර් ආගමනයේ පන්දුව තවම අතට ගත්තා පමණය.කණ්ඩායම වරද්දා නොගනු ඇතැයි අපි සිතන්නෙමු.එසේම ලසිත ගුණරත්න සම්බන්ධයෙන් අදාළ නොවන දෙයක් අපි සටහන් කර ඇත්නම් එය නිවැරදි කිරිමට අපි බැදි සිටින්නෙමු.අප ලියා ඇත්තේ චෝදනා නොවේය.ඒ ඒ මොහොතට අදාළ සිදුවීම්ය.ආසියානු සභාපතිවරයාට ඡන්දය නොදුන් තැන සිට සඳහන් කර ඇති එම සිඳුවීම් ඇත්ත බව කීමට අපිට ඇති සාක්ෂි වැරදි බව පෙන්වා එය නිවැරදි කරන්නට ලසිතට හැකිනම්, එම අයිතියට අපි ගරු කරන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan