එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ 2024 වසරේ දී ශ්‍රී ලංකාවේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ 2024 වසරේ දී, ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යක් ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ වන විට තීරණ කර ඇති බව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ“ ගෞරව නාමය පිරිනැමීමේ කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පැවැති උත්සවයට සහභාගී වෙමිනි.

තවදුරටත් වික්‍රමනායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙරටෙහිම දූත පිරිස් හුවමාරු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...